Local

පන්සල් ටිකයි, පල්ලි ටිකයි, කෝවිල් ටිකයි අපි එකතු කරගත්තොත් මේ රට ගොඩදාන්න මහ කාලයක් යන්නේ නැහැ.

Sunday, 03 March 2024 - 5:48 pm

අපිට දැන් ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒ කියන්නේ දැන් ව්‍යාපාර ඇඟිලි තුඩු වලට ඇවිල්ල තියෙනව කියන එකයි. ඒ වගේම තමයි රැකියාවක් කරන්න අපි දැන් කොහේවත් යන්න ඕන නැහැ. ගෙදර ඉදන්ම රැකියාවත් කරන්න පුලුවන්. ඒ කියන්නේ රැකියාවත් පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන කරන මට්ටමට දැන් ඇවිල්ල තියෙනවා කියන එක නේද? තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් රැකියා මිලියනයක් ලබා දෙන වැඩ පිළිවෙලත් මම දැන් ආරම්භ කරල තියෙන්නේ. ඒ විදයට මම දෙන රැකියා මිලියනයෙන් 1% ක ප්‍රමාණයක් ඒ කියන්නේ දහ දාහක පිරිසක් පරිගණකයෙන් කරන ව්‍යාපාර පටන්ගත්තොත් ඔවුනුත් තව මිලියනයකට රැකියා ලබා දේවි. ඒ කියන්නේ අද මේ ඉගෙන ගන්න පිරිස ව්‍යවසායකයන් බවට පත්වෙලා තවත් පිරිසකට රැකියා ලබා දෙන එක තමයි මම බලාපොරොත්තු වෙන්නෙත්. අපේ කැම්පස් එකේ ව්‍යාපෘති 325 ඉවර කරනව කියන්නේ ඔයාල ලෝකයේ තියෙන හොඳම රැකියාවක් කරන මට්ටමට ඇවිල්ල තියෙනවා කියන එකයි. ඒ කියන්නේ හොඳ වෙබ් සයිට් එකක් ඔයාලට හදන්න පුලුවන් කියන එකයි. ඔයාල මේ ව්‍යාපෘති 325 ඉවර කලාට පස්සේ විශ්ව විද්‍යාල වලින් උපාධියක් ගන්න අවශ්‍ය පරිසරයත් මම හදල තියෙන්නේ. ඒ සඳහා මොරටුව විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාල දැනටමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම මේ දරු දැරියන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලනවා ළමයට මේ සහතිකය විතරක් අරන් දීල නවත්වන්නේ නැතුව උපාධියත් ගන්න උනන්දු කරවන්න කියල. මේ කැම්පස් වලින් උපාධිය ගන්නව කියන්නෙම එයාල පොහොසතෙක් ' යැයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා පැවසීය.

' දුවෙකුට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමයි තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උගන්වන එක. මොකද මම එහෙම කියන්නේ දුවෙක් බැඳල බාබාල ඉන්න කොට රැකියාවක් කරන්න අමාරුයි. හැබැයි තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් කරනව කියන්නේ එයාට ගෙදර ඉඳන් බබත් බලාගෙන රැකියාවත් කරන්න පුලුවන් කියන එකයි. ඉදිරියේදී පවුලක දෙන්නම රැකියාවක් කරන්නෙ නැතුව ජීවත් වෙන්න අමරුයි. ඒක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම පොදුයි. අපි රට පොහොසත් කරන්න නම් මොකක්ද කල යුත්තේ. මම විශ්වාස කරන්නේ ගම පොහොසත් විය යුතුයි කියල. ගම පොහොසත් වෙන්න නම් අපේ පවුල පොහොසත් විය යුතුයි. පවුලයි. ගමයි පොහොසත් වෙනවා කියන්නේ රට පොහොසත් කියන එකයි. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනය පෙර පාසල් වයසෙ ඉඳලම හැදෙන්න ඕන. මූලික වශයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය දැයේ දු දරුවන්ට අපි හරියටම ලබා දිය යුතුයි. මොකද කියනවනම් ළමයකුගේ මොළයෙන් වැඩි ප්‍රමාණයක් වැඩෙන්නේ අවුරුදු 05ක කාලය තුල. පෙර පාසල් අධ්‍යාපනය සුහුරු පන්ති කාමර තුල සිට අපිට ලබා දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා. ශ්‍රී ලංකාවේ පෙර පාසල් 30000ක් විතර තියෙනවා. මම පෙරපාසල් 1000ක් සුහුරු පෙර පාසල් විදියට හදලා තියෙනවා.

ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයත් අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් මම සුහුරු පන්ති කාමර 675ක් මේ වන කොට හදල තියෙනවා. මම අපේ ස්වාමීන් වහන්සේලා ගැනත් කතා කල යුතුයි. ස්වාමීන් වහන්සේලා කියන්නේ මුළු ජීවිතයම දන් දීපු අය. මොකද මම එහෙම කියන්නේ උන්වහන්සේලා මුළු ජීවිත කාලයම සමාජ සේවය වෙනුවෙන් කැප කරල ඉන්නේ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා උන්වහන්සේලාට කෘත ගුණ සැලකිය යුතුයි. ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනය වෙනුවෙන් පිරිවෙන් 400 කට සුහුරු පන්ති කාමර මේ වන විට ලබා දීල තියෙනවා. තව පිරිවෙන් 400 කට සුහුරු පන්ති කාමර ලබා දෙන්න තියෙනවා. ඒවායේ කාමර පහසුකම් නැහැ. බණ මඩුවෙ තමයි හාමුදුරුවන් අධ්‍යාපනය ලබන්නේ. ඉතිරි පිරිවෙන් සඳහාත් සුහුරු පන්ති කාමර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල මම සකස් කරලයි තියෙන්නේ. පන්සලයි. ගමයි එකතු වුනොත් විතරයි මේ තියෙන සංස්කෘතියත් එක්ක අපට මේ රට ගොඩ දාගන්න පුලුවන් වෙන්නේ' යැයි ධම්මික මහතා වැඩි දුරටත් පැවසුවේය.

මෙම උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු 6000 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT