International

ඉම්රාන්ගේ ස්වාධීන අපේක්ෂකයෝ පාකිස්තාන මැතිවරණයෙන් ඉදිරියට

Saturday, 10 February 2024 - 8:13 am

පාකිස්තාන මහමැතිවරණයේදි සිරගත වී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ඊයේ උදෑසන වන විට සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු වුවද, ඊයේ පස්වරුව වන විටත් නිකුත් වී ඇත්තේ 50%ක් පමණ ඡන්ද ප්‍රතිඵල වන අතර, ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බවට විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

මෙවර මහමැතිවරණයේදි ඉම්රාන්ගේ පක්ෂයේ ඡන්ද ලකුණ භාවිත කිරීමට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා ඇති බැවින් එම පක්ෂයේ නියෝජිතයන් ස්වාධීන අපේක්ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඊයේ පස්වරුව වන විට ආසන 59ක ජය ලබමින් ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටි බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. හිටපු අගමැතිවරයකු වන නවාස් ශෙරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය ආසන 47ක් ද, හිටපු විදේශ ඇමැති බිල්වාල් භූතෝගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන ජනතා පක්ෂය ආසන 41ක් ද ජය ගෙන තිබු බව වාර්තා වේ.

මේ අතර සිව්වැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන හිටපු අගමැති නවාස් ෂෙරිෆ් ඔහුගේ අසුන පරාජය වී ඇතැයි එරට නිල නොවන ඡන්ද ප්‍රතිඵලයකින් හෙළි වි ඇතැයි වාර්තා වේ. නවාස් ශෙරිෆ් පරාජය කරමින් ඉම්රාන් ඛාන්ට සහාය පළ කරන ස්වාධීන අපේක්ෂයකු 11,000ක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එම අසුන ජයගෙන ඇතැයි ද වාර්තා වේ. වසර 2007 දී ඝාතනයට ලක් වූ පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝගේ පුත්‍රයා වන බිල්වාල් භූතෝ සිය අසුන ජයගෙන ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

ආසන 336කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන නියෝජිතයන් 70ක් හැරුණු විට සෙසු ආසන 266 සඳහා නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් නව රජයක් පිහිටුවීමට එක් පක්ෂයක් ආසන 169ක බලය ලබා ගත යුතුව ඇත. ත්‍රස්ත ප්‍රහාර අවදානම මත සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා රට පුරා අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගනු ලැබුවද, ස්ථාන රැසක සිදුවූ බෝම්බ පිපිරීම් හා වෙඩි තැබීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශයේ 6දෙනකුට ජීවිත අහිමි වී තිබිණි.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT