Local

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල එළවළු ගොවීන්ට නොමිලයේ පොහොර

Monday, 05 August 2024 - 9:29 am

කටාර් චැරිටී සංවිධානය විසින් කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගාවේ නිරතවන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ‌ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටයුතු යොදා ඇත.

මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බාර දිම පසුගියදා සිදුවිය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩ සටහනට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මොහම්මඩ් එස්. එම්. අබුකලිෆ් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සැළකිල්ලට ගනිමින් කටාර් චැරිටි ආයතනය මෙම පියවර ගෙන ඇති අතර මෙම වැඩ සටහන යටතේ කුරුණෑගල එලළුලු ගොවීන් 1476ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 1000ක් හා මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 1000කට එලවළු වගාව සඳහා මෙම පොහොර නොමිලයේ ලබා දීමට නියමිතය.

මේ යටතේ එක් ගොවියෙකුට යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර කිලෝ ග්‍රෑම් 25ක පොහොර මිටියක් බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

“පසුගිය කාලය තුළ අපි වී, තේ, පොල්, කුරුඳු ආදි වගාවන් සඳහා පොහොර සහනාධාර ලබා දුන්නත් එළවළු ගොවීන්ට පොහොර සහනාධාර වශයෙන් ලබා දීමට හැකි වුනේ නැහැ. එයට හේතුව නම් රටේ ඇති මුදල් තත්ත්වය යහපත් නොවීමයි. නමුත් කටාර් චැරිටි සංවිධානය එලවළු වගා කරන ගොවීන් යම් ප්‍රමාණයකට නොමිලයේ පොහොර ලබා දීමට අද ඉදිරිපත් ව සිටිනවා.“

මෙම සංවිධානය තුළ ක්‍රියාත්මක වන්නේ කටාර් රාජ්‍යයේ ජනතාවගේ මුදල්. අපේ රටේ ආහාර සුර්කෂිතතාවය උදෙසා මෙවැනි පරිත්‍යාගයක් සිදු කළ කටාර් රජයට මෙන්ම කටාර් චැරිටි ආයතනයට අපේ රජයේ කෘතඥතාවය පළකරන බව ද අමාත්‍යවරයා කීය.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT