Local

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන රනිල්ගේ කාර්යාලයේදී සාකච්ඡාවක්

Thursday, 15 May 2025 - 8:12 am

විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (14) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාවේදී එහිදී විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂය නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුවකින් අවසන් තීරණය ගැනීමට තීන්දු කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් නලීන් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් උදය ගම්මන්පිල, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර අබේවර්ධන මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට (15) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT