Entertainment

ජනපති අපේක්ෂකයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති කුමක්ද?

Sunday, 18 August 2024 - 12:02 pm

ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනයේ කැපී පෙනෙන වෙනසක් පසුගිය ජනවාරි මැද වන විට වාර්තා විය. නිෂ්පාදනයෙන් සියයට 83.46 ක් පුනර්ජණනීය බලශක්ති ප්‍රභවවලින් ලබාගැනීමට සමත්ව තිබුණි. පසුගිය අගෝස්තු 12 වැනි දා දක්වා අඛණ්ඩව දින හතරක්, පුනණනීය විදුලිය උත්පාදනය සියයට පනහ ඉක්මවා ඇත. වසර 2030 වන විට මෙරට විදුලිය උත්පාදනයෙන් සියයට හැත්තෑවක ප්‍රතිශතයක් කරා ගමන් කරන ඉලක්කයක් තිබේ. ජල විදුලිය, සුළඟ හා සූරිය බලශක්තිය පුනර්ජනනීය උත්පාදනයේ දී ප්‍රධාන වශයෙන් උපයෝගී කරගැනේ. මෙම ප්‍රභව මගින් විදුලිය නිපදවීමේ වියදම සාපේක්ෂව අඩුය. පරිසර හිතකාමීබව අනෙක් වැදගත් කාරණයකි. කෙසේ වෙතත් විදුලිය ඉල්ලුම වැඩිවන අතර අඛණ්ඩව සැපයුමක් සඳහා සැලැස්මක් අවශ්‍යය.

ජනාධිපතිවරණයක් සඳහා පෙළ ගැසෙමින් සිටින වකවානුවක බලයට පත්වන විධායකය හා ඊළඟ ආණ්ඩුව විදුලිය බල අංශයේ පරිවර්තනයක් සඳහා වන අභියෝගය අවබෝධ කරගත යුතුය. ඡන්ද දායකයන්ට බෙදාහැරෙන රට ගොඩ නගන සැලසුම්වල විදුලියබල අංශය ද වැදගත් සාධකයක් විය යුතුව තිබේ. සංවර්ධනය වන විට දුප්පත්භාවය අඩුවන අතර මධ්‍යම පන්තියේ ජන කොටස ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යනු ඇත. බල ශක්තිය ඔවුන්ගේ අවශ්‍යතාවකි. රට දියුණු කිරීමේ සැලසුම් අතර විදුලිය බලය ගැන සැලකිලිමත් විය යුතුව තිබේ.

අඩුම මිලට විදුලිය බලය නිපදවන ක්‍රමෝපාය

2022 වසරේ ගිගාවොට් පැය 800 ක් නොලැබුණ විදුලිය වශයෙන් දැක්වේ. ආර්ථික අර්බුදය සමග ගල් අඟුරු හා දැවිතෙල් ආනයනයට බාධා සිදුවිය. විදුලිය සැපයුම කපා හරින්නට තීරණය කෙරිණ. මෙම විදුලිය ප්‍රමාණය අහිමිවීම

හේතුකොටගෙන ජනතාව අඳුරේ පසුවූ අතර කර්මාන්ත හා සේවා අංශ බරපතළ අඩපණ වීමකට පත් වූ බව මතක් කළ යුතුය. මෙම සිද්ධිය අපට පාඩමකි. අනාගතයේ දී විදුලිය නිපදවන ක්‍රියාවලිය අඛණ්ඩව පැවැත්ම සඳහා පියවර ගත යුතුව තිබේ. කෙසේ නමුත් උත්පාදනය නිසි සැලැස්මකට අනුව නොකළහොත් ඉදිරියේ දී නැවත වතාවක් විදුලිය කපාහරින්නට සිදුවන අවදානමක් මතුවිය හැකිවේ.

උත්පාදනය හා භාවිතාව අතර තුලනය තියුණු සමබරවීමක් පෙනේ. හදිසි බිඳවැටීමක දී විකල්ප නැත. ශ්‍රී ලංකාවට අවශ්‍ය විදුලිය සඳහා දෙවැනි ගල් අඟුරු බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකරන්නට 2006 වසරේ තීරණය කෙරිණ. පසුව 2016 වසරේ දී මෙම බලාගාරය ස්වභාවික ගෑස්වලට හරවන ලෙස එවකට පැවැති ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. බලාගාරය ඉන්දීය හා ජපාන දීර්ඝ කාලීන සහන ණය අයෝජනයක් විය. දැන් එම බලාගාර ඉදිවෙන්නේ නැත. දශක දෙකක් තීරණ නොගෙන සිටින පසුබිම තුළ රටට විදුලිය ප්‍රමාණවත් නොමැති තත්වයක් උදාවිය හැකිය.

උත්පාදන ක්‍රියාවලියට එකතු කිරීම සඳහා මෙගවොට් 500ක සුළං විදුලිය බලාගාරයක් සැලසුම්කර ඇත. එයට අනුමැතිය හිමි නමුත් පරිසර ප්‍රශ්න සම්බන්ධ තීරණයක් හරස් වී ඇත. අදානි සමාගම එම බලාගාරය සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර වාර්තා දක්වන පරිදි ජල විදුලිය හැරුණුකොට අඩුම පිරිවැයකට සුළං විදුලිය නිපදවිය හැකිවේ.

විදේශ ණය ප්‍රමාණය මෙන් තුනෙන් එකක ආයෝජන

රජයේ නිල වාර්තා දක්වන ලද පරිදි ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන තිස් හතකි. රටවල්වලින් ලබාගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10.6ක් වන අතර මුල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 11.7 කි. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 14.7 ක ප්‍රමාණයක් විදේශ වානිජ වශයෙන් දැක්වේ. වසර 2023- 2030 කාලය අතරතුර අවශ්‍ය වන විදුලිය උත්පාදන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් බිලියන එකොළහක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව විදුලිය බල මණ්ඩලය කියයි. මෙය දැනට ගෙවන්නට ඇති එහෙත් ගෙවාගත නොහැකිව පවතින විදේශ ණයවලින් තුනෙන් එකක ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ විදුලිය සැපයුම සියයට සියයක් නිවාස ප්‍රමාණයක් ආවරණය කර ඇත. එහි පාරිභෝගික සංඛ්‍යාව 5,970,326 කි. විදුලිය පරිභෝජනය කරන කර්මාන්ත ප්‍රමාණය 67,723 කි. මෙරට ඇති මහා පරිමාණයෙන් විදුලිය අවශ්‍ය කම්හල් ගණන මේ අතරින් 330 ක් වන පසු මෙරට ආර්ථිකයෙහි තරම හඳුනාගත හැක. රටට අපනයන ආදායම උපයන මෙවැනි විශාල කම්හල් ප්‍රමාණය තුන්සිය ගණනක් වන විට රජයේ ආයතන ප්‍රමාණය 9,363 කි. ශ්‍රී ලංකාවට ආයෝජන කැඳවන, ආර්ථිකය ප්‍රසාරණය කරන වැඩපිළිවෙළ ඉදිරියේ අනාගතයේ දී සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය කෙරේ. විශේෂයෙන් කොළඹ වරාය නගරයට විදුලිය සම්පාදනය රජයේ වග කීමකි. මෙරට මැදි ආදායම් ජන කොටස වැඩිවන විට භාවිත කරන විදුලිය ඒකක ගණන ඉහළ නැගේ. දැනට සාමාන්‍යයෙන් ඒක පුද්ගල වාර්ෂික විදුලිය පරිභෝජනයය ඒකක 670 කි. විදුලිය වාහන ආනයනයට ඉඩ දීමෙන් පහසුවෙන් මෙම ඉලක්කම වෙනස්විය හැක.


ඉදිරියේ බලයට පත්වන ආණ්ඩුවක විදුලිය බල අංශයේ වගකීම ගැන යම් ප්‍රමාණයක අවබෝධයක් මෙයින් ලබාගත හැක. විදුලිය නිපදවීම වැඩි කරන අතර අඩු මිලට විදුලිය සැපැයීම සඳහා ප්‍රතිපත්ති සකස් කරන්නට සිදුවේ. බලය ලබාගැනීමට සූදානම්වන ජනාධිපති අපේක්ෂකයන් මෙම විදුලිය බල අංශයේ ප්‍රශ්න හරියාකාරව අවබෝධ කරගෙන තිබේ ද යන්න පැහැදිලි නැත.

බිල නොගෙවීමෙන් පොලියක් අය කරන රට

මාසික විදුලිය බිල නිසි පරිදි නොගෙවන පසු එයට දඩ පොලියක් අය කරන මෙරට පාරිභෝගිකයන් වැඩිදෙනකු දන්නේ නැත. දින තිහකට වඩා ප්‍රමාද කිරීමේ දී මෙම පොලිය අය කරන බව විදුලිය බිල්පතේ දක්වයි. අලුත් ක්‍රමවේදය අනුව බිල් පතක් නිවසට ලැබෙන්නේ නැත. අන්තර් ජාලයේ ලියා පදිංචිවී ස්මාට් දුරකතනයකින් සවිස්තරාත්මක බිල දැනගත හැක. ජීවන වියදම හේතු කොටගෙන මහජනතාවට සහන දෙන ලද රටක් විදුලියට ගාස්තු වැඩි කරන අතර හිඟ බිල්පත් සඳහා පොලියක් ද අය කරන තැනට පත්ව ඇත. දැන් විදුලිය බල මණ්ඩලය ලාභ උපයයි.

ප්‍රතිව්‍යුහගත කරන බව දක්වා ගාස්තු වැඩි කිරීමෙන් පසු 2023 වසර තුළ මණ්ඩලය රුපියල් බිලියන 61.2 ක ලාභයක් උපයා ගෙන ඇත. 2022 වසරේ රැපියල් බිලියන 298 ක පාඩු ලැබූ මණ්ඩලය එද වසරක් තුළ එය ලාභ ලබන තැනට පරිවර්තනය කර ගත්තේ කෙසේද? අනෙක් අතට 2024 වසරේ මුල් මාස තුන තුළ පමණත් තවත් රුපියල් බිලියන 88.3 ක් ලාභ උපයා ඇත. දුප්පත් ජනතාව ගෙවන බිල, එයට අය කරන දඩ පොලිය මණ්ඩලයේ ආර්ථිකය හොඳ අතට හරවා තිබේ. පුනර්ජනනීය විදුලිය උත්පාදනය හේතු කොට ගෙන පිරිවැය පහත වැටී ඇති බව පෙනේ. ගල් අඟුරු හා දැවිතෙල් භාවිත කර විදුලිය නිපදවීම පාලනය කරගෙන තිබේ. අධික ගාස්තු අය කරන පුද්ගලික විදුලිය උත්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගැනීම සීමා කර ගෙන සිටින බව ද නිරීක්ෂණය කළ හැක. මෙම වාසි ලබාගෙන ඒවායේ බදුවලින් ආණ්ඩුව පොහොසත් කිරීම වෙනුවට දුප්පත් ජනතාවට සහන ලැබෙන විදුලිය ගාස්තු ක්‍රමයක් යෝජනා කළ යුතුවේ.

පාරිභෝගික දත්ත සලකා බලන පසු ආසියානු රටවල් අතරින් සිංගප්පුරුව හා පිලිපීනය යන රටවල්වලට පසු මෙරට පාරිභෝගිකයෝ වැඩිම විදුලිය ගාස්තුව ගෙවති. සිංගප්පූරුව ඒක පුද්ගල ආදායම අතින් ලෝකයේ දෙවැනි තැන බව අමතක කළ යුතු නැත. නිසි කළමනාකරණයක් හා එමගින් ලබන වාසි මණ්ඩලයේ වැඩිම පාරිභෝගික ප්‍රමාණය වන සාමාන්‍ය නිවාස හිමියන්ට දෙන පරිදි සකස් කිරීම අලුත් ආණ්ඩුව පියවර ගත යුතු කරුණකි.

ඉන්දියා ශ්‍රී ලංකා විදුලිය සම්බන්ධ කිරීමේ අභියෝගය

වර්තමානයේ කරුණු සිදුවන ආකාරය අනුව රටවල් අතර විදුලිය බල සම්බන්ධතා යා කෙරේ. විදුලිය හිඟ වන විට අනෙක් රටකින් ගන්නා අතර අතිරික්තය විකුණන තරමට ස්මාට් විදුලි ග්‍රිඩ් සම්බන්ධතා සැකසේ. ඔස්ට්‍රේලියාවේ නිපදවන සූර්ය බල විදුලිය මිල දී ගැනීම සඳහා සිංගප්පූරුව ගිවිසුමක් අත්සන් කිරීම මෙහි දී දැක්විය හැක.

(සාරා කන්දෙගොඩ)


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT