International

මෙක්සිකෝවේ 115,000ක් පිළිබඳ තොරතුරු නැහැ

Sunday, 01 September 2024 - 12:04 pm

ඊයේ ට යෙදී තිබුණු 'බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය'ට සමගාමීව මෙක්සිකෝවේ පැවති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝ සිටි අගනුවරදී එම විරෝධතාවය පැවැත්වුණේ මෙක්සිකෝවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙනි.

අතුරුදන්ව සිටින සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙසට බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වූවන්ගේ සේයා රූ සහිත පොස්ටර් ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි.

මේ වනවිට මෙක්සිකෝවේ එක් ලක්ෂ පහළොස් දහසක පිරිසක් බලහත්කාරයෙනු අතුරුදන් කිරීම්වලට ලක්ව ඇති බව මෙක්සිකෝවේ නිල දත්ත වාර්තාවල දැක්වෙයි.

ඉන් වැඩිම අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාප්තිය ඇරඹි 2006 වසරේ සිට බව සඳහන්ය.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT