Local

ITවලින් ඩොලර් බිලියන 5ක් උපයන අනුරගේ සැලසුම

Wednesday, 18 September 2024 - 9:44 am

තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන පහක මුදලක් ඉපයීමේ ඉලක්කයක් තමා සතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ පහක් ඇති කිරීමට ද පියවර ගන්නා බවය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

'අපි ආර්ථිකය හදන්න ඕනේ. ලොකු ඒවට කර ගහන්න ටිකක් කල් යයි. හැබැයි ක්ෂණිකව අපිට පුළුවන් සංචාරක කර්මාන්තය ලොකු පිබිඳීමක් ගන්න. ඒක අපි ලක්ෂ 40ක සංචාරකයෝ ගේන්න ඩොලර් බිලියන 08ක ආර්ථිකයක් හදන්න. ඊළඟට තොරතරු තාක්ෂණ කර්මාන්තය. දැන් තියෙන්නේ ඩොලර් බිලියන 1.2ක අපනයන ආර්ථිකයක් ඒක ඩොලර් බිලයන 05ක් දක්වා වැඩි කරන්න, මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 02ක් හදන්න ලංකාවේ. කාන්තාවෝ රට යන එක නතර වෙන්න ඕනේ. 

අපි දියුණු මානව සම්පතක් පිටරට යැවීම සඳහා සැලසුම් හදන්න ඕනේ. ඊළඟට මේ පළාතේ තියෙන කුඩා තේවතු මේ තේවතුවලට ඉක්මනින් පිම්මක් ගන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ මේක තැති කරලා දැම්මා. පොහොර නැති කරලා. ඊළඟට අපිට ඉක්මනින්ම ධීවර කර්මාන්තයට අත ගහන්න පුළුවන්. රට වගේ අටගුණයක මහ මුහුදක් තියෙනවා. අද බහුදින යාත්‍රා සියයට පනහක් වැල්ලේ ගොඩ ගහලා තියෙනවා. මේ ගාණට තෙල් ගහලා මේ ගාණට ආහාර අරගෙන දවස් 40ක් මුහුදේ ඉඳලා මාළු අල්ලගෙන එනකොට ලක්ෂ 05ක් 10ක් පාඩුයි. ඒ නිසා මොකද කරන්න ඕනේ ධීවරයන්ට සහනාධාර දීලා, ඒ බෝට්ටු ටික මුහුදට යවන්න සැලසුම හදන්න ඕනේ. මම ඔබට සහතියක් දෙන්නම් මේ රටේ ගොවි ජනතාව ලෑස්තිනම් අපේ රටට අවශ්‍ය ළූණු ටික හදන්න, එක ළූණු ගෙඩියක් පිටරටින් ගේන නැතුව නවත්තනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් විතරක් පිටරටින් ගේන්නේ. වෙන කිසි හාල් ඇටයක් අපි පිටරටින් ගෙන්නේ නැහැ.'


Top Stories
wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

wedivistara

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

wedivistara

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

wedivistara

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්


NEWS ALERT