Sports

ශ්‍රී ලංකා කාන්තා පිල වැට උඩ

Thursday, 22 August 2024 - 10:03 am

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ අවදානම් තත්ත්වයක ශ්‍රී ලංකා පිල පසු වෙයි.

මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන අයිසීසී කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරීමට පෙරේදා ශ්‍රී ලංකා පිලට සිදු වූ අතර, ශ්‍රී ලංකා පිලට පහළින් ඇති කණ්ඩායම් රැසකට තවත් තරග ඉතිරිව ඇති බැවින් මේ අවදානම් තත්ත්වය මතුව තිබේ.

කණ්ඩායම් 10ක් එක්ව සිටින මේ ශූරතාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 5 ලෝක කුසලාන තරගාවලියට ඍජු සුදුසුකම් ලබන අතර, ඉන්දියාව දැනටමත් සුදුසුකම් ලබා සිටින්නේ සත්කාරකයන් ලෙසිනි.

අයර්ලන්තයට එරෙහි එක්දින තරගාවලිය ආරම්භ කිරීමට පෙර තරග 3ක් අතැතිව ශ්‍රී ලංකා පිල 5 වැනි ස්ථානයේ පසු වූ අතර, තරගාවලිය නිමාවත් සමඟ එක් ජයක් සමඟ සිව්වැනි ස්ථානයට පත් විය.

මේ ශූරතාවලිය යටතේ තරග 24ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල තරග 9ක් ජයගත් අතර, තරග 11ක් පරාජය විය. තරග 4ක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

අයර්ලන්ත තරගාවලියේ මුල් තරග 2ත් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ නම් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට අවස්ථාව තිබිණි.

අයිසීසී ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින් ඔස්ට්‍රේලියාවත් (28) මේ වන විට ස්ථානයක් වෙන් කර ගෙන තිබේ. ඉන්දියාව හැර ඉදිරියෙන් පසු වන සෙසු කණ්ඩායම් 5 ඍජු සුදුසුකම් ලබද්දී 6 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථාන දක්වා කණ්ඩායම් 4ට සහ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙකට (අයිසීසී ශූරතාවලියේ කණ්ඩායම් 10 හැර) ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වෙයි.

ඉන් කණ්ඩායම් දෙකකට පමණක් ලෝක කුසලාන තරග වරම් හිමි කර ගන්නේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හෙයිනි.

මේ ශූරතාවලියේදී කණ්ඩායමක් තරග 24ක් ක්‍රීඩා කළ යුතු අතර, තරග සියල්ල නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිව්වැනි තැන පසු වුවද ඊට පසුපසින් ඇති නවසීලන්තය (6), බටහිර ඉන්දීය කොදෙව් (8), බංග්ලාදේශය (9) සහ අයර්ලන්තයට (10) තවත් තරග ඉතිරිව තිබේ. එහිදී අයර්ලන්තට තරග 9ක් ඉතිරිව තිබියදී සෙසු කණ්ඩායම් 3ට තරග 6ක් බැගින් ඉතිරිව ඇත.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට ඍජු සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඉතා සීමිත වී තිබේ.

පාකිස්තානය මේ වන විට සිය තරග නිමා කරමින් 7 වැනි ස්ථානයේ පසුවන බැවින් ඔවුන්ට ඍජු සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබේ.

අයිසීසී කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන

කණ්ඩායම තරග ජය පරාජ ලකුණු ද.ල.

ඔස්ට්‍රේලියාව 18 13 3 28 2.002

එංගලන්තය 18 11 5 24 1.273

දකුණු අප්‍රිකාව 21 11 9 23 0.350

ශ්‍රී ලංකාව 24 9 11 22 -0.107

ඉන්දියාව 12 10 1 21 1.062

නවසීලන්තය 18 8 8 18 0.392

පාකිස්තානය 24 8 15 17 -0.613

බ.ඉ. කොදෙව් 18 6 10 14 -1.121

බංග්ලාදේශය 18 4 9 13 -1.178

අයර්ලන්තය 15 2 11 6 -1.795


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT