Sports

ශ්‍රී ලංකාවට ලකුණු 32ක සුපිරි ජයක්

Monday, 05 August 2024 - 1:11 am

ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  අද (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

ඉන්දියාව මෙම පරාජය ලැබුවේ ඔවුන් පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී වීමත් විශේෂත්වයකි.

ඉන්දීය ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ශර්මා ප්‍රහාරාත්මක ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය. පන්දු 44කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් ඇතුළත් විය.

ඊට අමතරව අක්සාර් පටෙල් ලකුණු 44ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 35ක් රැස්කළද එය ඉන්දීය ජයට ප්‍රමාණවත් නොවුණි.

ඉන්දීය ඉනිම මෙල්ල කිරීමේ සම්පූර්ණ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩර්සේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.

ලකුණු 33කට කඩුලු 06ක් දවාගනිමින් වැන්ඩර්සේ යැවූ මෙම සුපිරි පන්දු යැවීම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව දඟ පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරටද එක්විය.

ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යැවීම සනිටුහන් කර ඇති දඟ පන්දු යවන්නා වන්නේද ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (7/30) වීමත් විශේෂත්වයකි.

වැන්ඩර්සේට අමතරව නායක චරිත් අසලංකද ශ්‍රී ලංකාවට අවැසිවම තිබූ කඩුලු 03ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව කමිඳු මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 බැගින් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස්කළේය.

ඉන්දියාව වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 03ක් හා කුල්දීප් යාදව් ලකුණු 33කට කඩුලු 02ක් දවාගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

දෙරට අතර පළමු තරගය ලකුණු සමව අවසන් විය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT