International

ටෙහෙ­රාන් ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය තාව­කා­ලි­කව ඉවත්කර ගනී

Wednesday, 18 June 2025 - 10:40 am

ඉරා­නයේ පව­තින යුධ­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් ටෙහෙ­රාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය තාව­කා­ලි­කව ඉවත් කිරී­මට රජය තීර­ණය කළ බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

ඉරා­න­යට දිගින් දිග­ටම එල්ල වන ප්‍රහාර හේතු­වෙන් තානා­පති කාර්යා­ලයේ කට­යුතු අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑමේ ගැටලු පව­තින බව පෙන්වා දුන් ඒ මහතා මේ හේතු­වෙන් තානා­පති කාර්යාල නිල­ධා­රීන් සහ එම කාර්යා­ල­යට එකතු වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 08 දෙනා තානා­පති පිරිස තානා­පති කාර්යා­ලය මඟින් ඉරා­නයේ උතුරු ප්‍රදේ­ශය වෙත රැගෙන යෑමට පිය­වර ගත් බව ද පැව­සීය.

මැද­පෙ­ර­දිග මතුව ඇති යුධ­මය තත්ත්වය සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තු­වේදී විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් ඇමැ­ති­ව­රයා මේ අද­හස් පළ කළේය.

මැද­පෙ­ර­දිග මතුව ඇති යුධ­මය තත්ත්වය හේතු­වෙන් මේ වන විට ශ්‍රී ලාංකි­ක­යන් සිව්දෙ­නකු තුවාල ලබා ඇති බව ද සඳ­හන් කළ ඇමැ­ති­ව­රයා ඉන් එක් අය­කුගේ තත්ත්වය බර­ප­තළ වන නමුත් අනෙක් තිදෙ­නාගේ තත්ත්වය බර­ප­තළ නොවන බව ද තුවාල ලැබූ­වන් අත­රින් තිදෙ­නකු කාන්තා­වන් බව ද සඳ­හන් කළේය.

කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රා­ය­ලයේ සේවය කරන ශ්‍රී ලාංකි­ක­යන් වන අතර තානා­පති කාර්යා­ලය මැදි­හත් වීමෙන් ඔවුන් සම්බ­න්ධ­යෙන් අවශ්‍ය කට­යුතු සොයා බල­මින් සිටින බව ද ඊශ්‍රා­ය­ලය තුළ ශ්‍රී ලාංකි­ක­යන් 20,000ක් පමණ සේවය කර­මින් සිටින අතර ඉරා­නය තුළ ශ්‍රී ලාංකි­ක­යන් 35 දෙනකු රැඳී සිටින බව ද පැව­සීය. එයින් 8 දෙනකු ඉරාන ජාති­ක­යන් සමඟ විවාහ වී සිටින බව ද ඒ මහතා සඳ­හන් කළේය.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT