රක්තහීනතාව සඳහා භාවිත කරන ගෝලීය සන්නාම සහිත ඖෂධ මිලට වඩා 99%කින් අඩු මිලකට ඖෂධ සැපැයීමට එරට ඖෂධ සමාගමක් කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රක්තහීනතාව සඳහා භාවිත කරන ඖෂධයේ ගෝලීය සන්නාමවලින් යුතු මිලිලීටර් 100ක මිල ඉන්දීය රුපියල් 77,000ක් බවත්, ඉන්දියාවේ අක්රම් ඖෂධ සමාගම එම ප්‍රමාණය ඉන්දීය රුපියල් 600ක මිලකට අලෙවි කිරීම සඳහා නිෂ්පාදනය කරමින් සිටින බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
රතු රුධිර සෛලවලට බලපාන ජානමය ආබාධයක් වන දෑකැති සෛල රක්තහීනතාව ලෙස හඳුන්වන මේ රෝගය අමෙරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියාතික රටවල බහුලව පවතින බවත්, මේ වන විට වෙළෙඳපොළට නිකුත් වන ගෝලීය නිෂ්පාදන මිල අධික වීම හේතුවෙන් ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල එම රෝගය ආසදිතවූවන් දුෂ්කරතාවට පත්ව සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.