International

අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්‍රමනිකයින් අත්අඩංගුවට

Sunday, 08 June 2025 - 10:06 pm

අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය ඇමරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

 
ඒ අනුව එම ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කළා. 
 
මෙම වැටලීම හරහා ෆෙඩරල් ආගමන නිලධාරින් භාවිතා කරන බලය සහ ලේඛනගත නොකළ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබදව ගැටලු‍ව උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා වල සදහන්. 
 
මෙම වැටලීම් පිළිබදව සමාජ මාධ්‍ය තුළ පැතිර යාමත් සමග විවිධ පාර්ශව ඊට විරෝධය පළ කළ අතර අවසානයේදී විරෝධතා ආරක්ෂක අංශ සමග ගැටුමක් දක්වා උත්සන්න වුණා. 
 
එහිදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. 
 
කෙසේ වෙතත් විරෝධතා පාලනය සදහා ලොස් ඇන්ජලීස් පොලිසිය කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විදෙස් වාර්තා පැවසුවේ, විරෝධතාකරුවන් රථවාහානවලට ගිනි තබා දේපළ විනාශ කිරීමද කර ඇති බවයි.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT