ඉදිරි ජනාධිපතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවද ඔහුට උපරිම වසර තුනකට එහා රට පාලනය කර ගත නොහැකිවනු ඇති බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ කියා සිටිති.
මෙරට කවදා නිවැරදි මාවතට ගෙන යා හැකිදැයි අවිනිශ්චිත බවද නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවක් අමුතමින් උන්වහන්සේ කියා සිටියහ.
තමන් හමුවීමට ජනත් ජනාධිපති අපේක්ෂකයන් බොහෝ දෙනෙක් පැමිණෙන බවත් පැවසූ උන්වහන්සේ ජනතාව ආරක්ෂා කර ආර්ථික සංවර්ධනය ළඟා කරගෙන ජනතාවට සුව පහසු ජීවිතයක් ලබාදෙන බව ඔවුන් සියලු දෙනා තම ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් සඳහන් කර ඇති බවත් පැවසූහ.
කෙසේ වෙතත් ඇතැම් පොරොන්දු බොහොමයක් ඉටු කිරීමට නොහැකි බවද පවසන උන්වහන්සේ මේ රට දියුණු කරන්නේ නම් ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවද කියා සිටී.