Local

හාල්, බිත්තර, පොල් කොමිස්කාරයන් ඇල්ලුවාද?

Thursday, 24 October 2024 - 2:25 pm

වෙළෙදපොළ තුළ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් වත්මන් රජයට එය පාලනය කර ගැනීමට අපොහොසත් වී ඇති අතර බලයට ඒම සඳහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.
නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනය මගින් වැඩිදුරටත් අදහස් දක්වන නිමල් ලාන්සා මහාතා,
“වෙළඳපොළ තුළ සහල්, බිත්තර, පොල් ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. ජාතික ජන බලවේගය මැතිවරණ වේදීකාවේ පැවසූවේ වෙළෙද මාෆියාවන් හා කොමිස් මුදල් ලබා ගැනීම් නතර කර එහි වාසිය ජනතාවට ලබා දෙන බවයි. අද වන විට වෙළෙඳ මාෆියාවන් හෝ කොමිස් මුදල් යන අය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එය පාලනය කිරීම හරහා භාණ්ඩ මිල විශාල ලෙස අඩු කරන බවට අදහසක් සමාජය තුළ ප්‍රබල ලෙස ජනගත වුනා.
ජාතික ජන බලවේගය ලබා දුන් පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා ජනතාව ජන්දය ලබා දුන්නද වර්තමානය වන විට ජන්දය ලබා දීම ගැන ජනතාව සිටින්නේ වරදක් කළාද යන හැගීමෙන්. ජාතික ජන බලවේගය බලයට ඒම සඳහා මැතිවරණ වේදීකාවේ කෙතරම් පොරොන්දු ලබා දුන්නද අද ඒවා ඉටු කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. ඇතැම් චෝදනා හා මඩ ගැසීම් වැරදි බව දැන දැනත් අවබෝධයකින් යුතුව සිදු කර තිබෙන බව පෙනෙන්නට තියෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුණු රට ස්ථාවර කරමින් ඒ සඳහා සාධනීය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජය එම ගමන් මාර්ගයේ වෙනසක් නැතිව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ගත් ක්‍රියාමාර්ග නිවැරදි නිසා. මැතිවරණ වේදීකාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම වැඩපිළිවෙළ විවේචනය කළත් අද එම වැඩපිළිවෙලින් තොර වෙනස් මාර්ගයක් නොමැති බව ඔවුන්ට පිළි ගැනීමට සිදුව තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචිත ඩොලර් බිලියන හය දක්වා ඉහළ නංවා තිබෙනවා. ඉදිරි මාස කිහපයක් සඳහා ඉන්ධන, ගෑස් හිගයකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දී තිබෙනවා. උද්ධමනය අවම මට්ටමකට ගෙනවිත් ස්ථාවර ආර්ථිකයක් ගොඩ නංවා අනුර කුමාර දිසානායක මහතාට භාර දී තිබෙනවා. එම ආර්ථික වැඩපිළිවෙළ තුළ ගමන් කළහොත් රට ඉදිරියට යන අතර එය වෙනස් කළහොත් යළිත් රට ආපස්සට ගමන් කරනු ඇත.
ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව සහනයක් වීම සඳහා රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුනා. වත්මන් රජය ප්‍රකාශ කළේ මාස හයෙන් හයට පඩි වැඩි කරන බවයි. නමුත් අද රාජ්‍ය සේවකයින්ට පඩි වැඩි වීම සිහිනයක් වෙලා තියෙනවා. ගැස්, විදුලිය, බදු, අඩු කරන බව ජනතාවට පොරොන්දු ලබා දුන්නද ජනතාවට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ. ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව දිනෙන් දින ණය කාරයින් බවට පත් කරමින් සිටින බව නිමල් ලාන්සා මහතා වැඩිදුටරත් පැවසීය.
– Media unit


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT