Sports

ක්‍රිකට් ලෝකයම උඩුයටිකුරු කර අලුත් තරුව මෙන්න

Sunday, 28 January 2024 - 7:31 pm

වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක Shamar Joseph පන්දුවාර 11.5කදී ලකුණු 68කට කඩුලු 7ක් දවාගනිමින් ජය කොදෙව්වන්ට හිමිකර දුන්නේය.

සිය මංගල ටෙස්ට් තරගාවලිය සමග එක්ව සිටින Shamar Joseph මෙහිදී ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාවය දැක්වීම විශේෂ වෙයි.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදී ද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක් දවාගෙන තිබුණේ ලකුණු 94කටය.

ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරගාවලියේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13කි.

මෙහිදී තරගයේ සිය පළමු ඉනිම සඳහා කොදෙව්වන් ලකුණු 311ක් රැස්කරගෙන තිබුණි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස්කරගත්තේ 289කි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 193කදී සියලුදෙනා දැවී ගියේය.

ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සොයා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ සිහින Shamar Joseph විසින් සුනුවිසුණු කර දැමුවේ කිසිවෙකු නොසිතූ ලෙසටය.

ඒ අනුව ඔහු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සිය නාමය ඉදිරියේ සටහන් කරගත්තේය.

හුදෙකලා සටනක නිරත වූ Steven Smith නොදැවී පන්දු 146කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 91ක් රැස්කර සිටියේය.

විටෙක ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළකළේ කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නවක ක්‍රීඩකයින් එක්කිරීම හාස්‍යයට ලක්කරමිනි.

එහෙත් ඒ සියල්ලට ඔවුන් මේ වනවිට පිළිතුරු දී ඇත්තේ ලකුණු 8කින් දෙවන ටෙස්ට් තරගය ජයගෙන ටෙස්ට් තරගාවලිය ද 1ට 1ක් ලෙස සමව නිම කරමිනි.

එය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ලද පළමු ටෙස්ට් ජය ලෙස ඉතිහාසයට එක්විය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT