Local

පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක්

Wednesday, 21 May 2025 - 9:23 am

රටපුරා සිදුවන මනුෂ්‍ය ඝාතන හා තර්ජන වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

රටක පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක් බවත් එහිදී රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ මූලික වගකීමක් බවද විපක්ෂ නායකවරයා පැවසීය.

කෙසේ වුවද අද වන විට රට තුළ සිදුවන ඝාතන හමුවේ ජන ජීවිත අනාරක්ෂිත වී ඇති බවත් ගතවූ මාස අටක කාලය තුළ වෙඩි තැබීම් 79ක් හා මරණ 52ක් සිදුව ඇති බවද හෙතෙම පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ තමා මෙන්ම අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර ඇති මුත් මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් නොමැති බැවින් නැවත වරක් එම ප්‍රශ්නය රජයට යොමුකරන බවද හෙතෙම පැවසීය.

රට පුරා ප්‍රචණ්ඩත්වය ඉහළයාම හා ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් ඇති බවට ආණ්ඩුව නොපිළිගන්නා බවත් ඇමැතිවරුන්ට අනුව මෙම ඝාතන සහ ජාතික ආරක්ෂාව අතර ගැටලුවක් නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසීය. රටේ හා ජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් විදේශ සංචාරකයන්ගේ හා ආයෝජකයන්ගේ ආකර්ෂණයට ද මෙය අහිතකර නිසා රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රට පුරා ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍යවල සෘජු වින්දිතයන් බවට රටේ ජනතාව පත්ව ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුවන ගැටුම්වල ගොදුරු බවට සාමාන්‍ය ජනතාව පවා පත්ව ඇති බවත් මේ ගැන රජය මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන අසාර්ථක වී ඇති බැවින් රජය සතුව ඒ සම්බන්ධ විකල්ප වැඩසටහනක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT