Sports

වසර 42ක් පැරණි රෝයි ඩයස්ගේ හා වසර 30ක් පැරණි රෝෂාන් මහනාමගේ වාර්තා දෙකක් පැතුම් පසු කරලා

Friday, 16 February 2024 - 12:46 pm

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසින් වසර 42ක් පැරණි රෝයි ඩයස් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් හා වසර 30ක් පැරණි රෝෂාන් මහනාම විසින් පිහිටුවා තිබූ වාර්තා දෙකක් පසු කර යෑමට සමත්වී තිබේ. තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ලොව සිවුවැනි පිතිකරු බවට ලෝක වාර්තා පොතේ පැතුම් නිශ්ශංකගේ නම ලියවෙද්දී එයට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දක්ෂතා පෙන්වා තිබූ සුපිරි පිතිකරුවන් දෙපලක් වූ රෝයි ඩයස්ගේ හා රොෂාන් මහනාමගේ වාර්තා පසුකර යෑම සිදු විණි.

පැතුම් ඇෆ්ගනිස්තානයට එරෙහි තරග තුනේදී ලකුණු 346ක් (210+18+118) ලැබූ අතර, රොෂාන් මහානාම 1994දී සිම්බාබ්වේ සමඟ හරාරේහි පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව නොදැවී ලකුණු 119ක්, ලකුණු 108ක් හා ලකුණු 40ක් සමඟ ලකුණු 267ක් ලබා ගත්තේය. එමෙන්ම රෝයි ඩයස් 1982දී ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 121ක්, ලකුණු 102ක් හා ලකුණු 39ක් සමඟ ලකුණු 262ක් ගෙන තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ලෙස වාර්තා පොතේ සටහන්වී තිබිණි. ඒ අනුව රොෂාන් මහනාමගේ හා රෝයි ඩයස්ගේ එම පැරණි වාර්තා දෙකම පැතුම් නිශ්ශංකගේ පිත්තෙන් පසුකර ගියේය.

වසර 1979 සිට 1987 දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 20කදී ශතක 3ක් හා අර්ධ ශතක 8ක්, එක්දින තරග 58කදී ශතක 2ක් හා අර්ධ ශතක 11ක් වාර්තා කළ සුපිරි පිතිකරුවකු ලෙස රෝයි ඩයස්, 1986 සිට 1999 දක්වා ටෙස්ට් තරග 52කදී ශතක 4ක් හා අර්ධ ශතක 11ක්, එක්දින තරග 213කදී ශතක 4ක් හා අර්ධ ශතක 35ක් වාර්තා කළ සුපිරි ක්‍රීඩකයකු ලෙස රොෂාන් මහානාම යන දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළහ.

 
 
 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT