Local

සැමියා සහ පුතා ඇරලවන්න ගුවන්තොටුපළට ගිය මවට අත් වූ ඉරණම

Wednesday, 24 January 2024 - 7:41 pm

A-9 මාර්ගයේ කිළිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අද(24) අලුයම ලංගම බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරෙන් තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර දරුවන් දෙදෙනෙක් ද වේ.

පොලීසිය සඳහන් කළේ, යාපනය සිට මහනුවර බලා ධාවනය වු ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

බස් රථය මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවකි. ඇය සිය සැමියා සහ පුත්‍රයාව විදෙස් ගත වීම සදහා ගුවන්තොටුපළට රැගෙන ගොස් යළි පැමිණීමේ දී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබේ.

මෙම අනතුරින් මී ගවයින් 09 දෙනෙකු ද මිය ගොස් ඇතැයි වාර්තා වේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT