Local

ආරක්ෂක අමාත්‍යංශයට නව ඒකකයක්

Wednesday, 21 May 2025 - 9:35 am

ආරක්‍ෂක අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කෙරේ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී එය සිදු විය.

එම ඒකකයෙන් ආරක්ෂක අමාත්‍යංශය තුළ දුෂණය අවම කිරීම, දුෂණ අවදානම් හඳුනාගැනීම, දුෂණ අවදානම් තක්සේරු කිරීම සහ ආරක්‍ෂක විධිවිධාන වැඩිදියුණු කරනු ඇත.

එමෙන්ම, එම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කළ චක්‍රලේඛයේ උපදෙස් පරිදි 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතන සේවා සම්බන්ධ විමසීම් සහ පැමිණිලි සඳහා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම යටතේ මෙම ඒකකය විවෘත කෙරුණි.

මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුල දුෂණය අවම කිරීම සහ සුපිලිපන් බව ඉහල නැන්වීම වන අතර මෙමගින් දුෂණ අවදානම් හදුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්ෂණය කෙරෙන අතර සමස්ත ක්‍රියාවලිය පිළිබද සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දුෂණ මර්ධන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කල යුතු වේ.

මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සහය දීම රාජ්‍ය නිලධාරීන් වන අප සියළු දෙනාගේ පුර්ණ වගකීමක් වන බවත් බලපොරොත්තු වන පරිදි නිසි අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරගත හැකි සාර්ථක ප්‍රතිඵල පිළිබදව දැනුවත් කිරීමටද ආරක්‍ෂක ලේකම්වරයා විසින් මෙහිදී කටයුතු සිදු කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය වෙත මෙම වැඩසටහන හදුන්වාදීම මෙම ඒකකයේ ප්‍රධානි ලෙස කටයුතු කරන ප්‍රියංගනී හේවාරත්න මහත්මිය විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් – ක්‍රමසම්පාදන හා ආරක්ෂක අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT