Local

ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි

Wednesday, 18 September 2024 - 9:43 am

පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු පැවසුවේ රට ආර්ථික අර්බුදයට මුහුණදුන් අවස්ථාවේදී පළා ගිය පුද්ගලයින් යළි රට භාරගැනීමට දරණ උත්සහය පරාජය කළ යුතු බවය. 

'එක් කෙනෙක් කියනවා මම ඔයගොල්ලන්ට ඕනේ එකක් දෙන්නම් ලු. අනේ මට ඡන්දෙ දෙන්න කියලා. ඒත් එතුමා දැනගන්න ඕනේ විපක්ෂ නායකයා කියන්නේ, විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ අයට මේක භාරදෙන්නද ? මොකද්ද කරේ රටේ ප්‍රශ්න තියෙද්දි පාසලෙන් පාසලට ගිහින් අට පන්තියේ ළමයින්ට කිව්වා ලෝක ආර්ථිකය කඩා වැටුණා කියලා. ඕකද දේශපාලනය. මොකද්ද අනුර කළේ? 2022 උදව් කරා ද? අමාරු තීරණ අපිට ගන්න වුණා. මම නෑ කියන්නේ නෑ. බදු වැඩිකරන්න වුණා. ඔබට ප්‍රශ්නයක් තිබුණා මම නෑ කියන්නේ නෑ. ගන්න තිබුණ බෙහෙතක් විදියට ඒක කරන්න වුණා. මට කුණුහරුපයෙන් බැන්නත් ඒ දේ කරා. දැන් රුපියල ශක්තිමත් වෙලා. ඩොලර් එකට 300 වෙලා, බඩු මිල ටිකෙන් ටික අඩුවෙලා. තාමත් ප්‍රශ්න තියෙනවා. එන අවුරුද්දේ වෙන කොට රුපියල තවත් ශක්තිමත් වුණාම ජීවන බර සැහැල්ලු වෙනවා.'


Top Stories
wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

wedivistara

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

wedivistara

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

wedivistara

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්


NEWS ALERT