International

ලොව පුරා මිලියන 733ක් කුසගින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Tuesday, 30 July 2024 - 8:20 am

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය අනාවරණය වී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය පෝෂණය පිළිබඳ එම සංවිධානය ඇතුළු සංවිධාන 5ක් එක්ව නිකුත් කළ වාර්තාවකින් බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම සංඛ්‍යාව අනුව ගෝලීය වශයෙන් පුද්ගලයන් 11 දෙනකුගෙන් එක් අයකු සහ අප්‍රිකාවේ පස් දෙනකුගෙන් එක් අයකු කුසගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව හෙළි වී ඇතැයි ද වාර්තා වේ.

වසර 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්කය ලෙස කුසගින්න ශූන්‍ය කරගැනීමේ අරමුණින් විවිධ වැඩමුළු, සාකච්ඡා හා රැස්වීම් පවත්වමින් සිටින කාලයක ඒ පිළිබඳ අවධානය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවට එය නිදසුනක් බවත් එම වාර්තා වේ සඳහන් වී තිබේ.

ගෝලීය සාගිනි මට්ටම අඛණ්ඩව වසර තුනක් පුරා මෙවැනි ඉරණමකට ලක්වී ඇතැයි ද, පසුගිය වසරේදී පමණක් ලොව පුරා මිලියන 713- 757 අතර සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරු වී ඇතැයි ද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT