Sports

ක්‍රිකට් ලොව මිල අධිකම නිවස රු. කෝටි 17,431ක් වටිනා රාජ්කොට් මාලිගාව ක්‍රීඩිකාවක නමින්

Thursday, 11 January 2024 - 7:06 pm

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මිල අධිකම නිවාස ඇත්තේ ඉන්දියාවේ සචින්, දෝනි, කෝලි හෝ රෝහිත් යන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බව කවුරුන් හෝ සිතූවත් එය එසේ නොවේ. ක්‍රිකට් ලෝකයේ මිල අධිකම නිවස ඇත්තේ එතරම් ප්‍රසිද්ධ නොවූ ක්‍රීඩිකාවක් සතුවය. එම කෝටි ගණනක් වටිනා නිවස අයිතිව ඇත්තේ ගුජරාට ක්‍රිකට් ක්‍රීඩිකා මෘදුලා කුමාරි ජඩේජාටය.

ජඩේජා කියූ පමණින් මතක් වන්නේ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා වුවද, ඇයට රවීන්ද්‍ර ජඩේජාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් ජඩේජා යන නම ගැන ව්‍යාකූලත්වයක් ඇති කරගත යුතු නැත.

මෘදුලා කුමාරි රාජ්කොට්හි රාජකීය පවුලෙන් පැවත එන අතර, අක්කර 225ක් පුරා පැතිරී ඇති ඇගේ නිවස, කාමර 150කින් පමණ සමන්විත වේ. රාජ්කොට්හි පිහිටා ඇති ‘රංජිත් විලාස් මාලිගය’ මෘදුලාගේ පියා වන මන්ධාතා සිං ජඩේජාගෙන් පැවත එන්නකි. සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් සමඟින්, මිල කළ නොහැකි ගරාජයක් ද එහි ඇත. ඉන්දියාවේ මිල අධික රාජකීය විවාහ උත්සවයක් ද එම මාලිගාවේ පවත්වා තිබේ. රංජිත් විලාස් මාලිගයේ ඇස්තමේන්තුගත වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 17431ක්) වන අතර එයට ගොවිපළක්, රිදී අශ්ව රථයක්, ස්වර්ණාභරණ සහ පැරණි මෝටර් රථ කිහිපයක් ඇතුළත් වේ.

ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ජීවත් වන්නේ මුම්බායි බන්ද්‍රාහි ඉන්දීය රුපියල් කෝටි 80ක් වටිනා මන්දිරයකය. විරාත් කෝලි ගුරුග්‍රම්හි ඉන්දීය රුපියල් කෝටි 80ක් වටිනා විලා එකක පදිංචිවී සිටින අතර, ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා මුම්බායිහි මහල් 53කින් යුත් කුලුනක 29 වැනි මහලේ ඉන්දීය රුපියල් කෝටි 30ක පමණ වටිනා සුඛෝපභෝගී නිවසක පදිංචිව සිටී. දෝනි පදිංචිව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 10ක් වටිනා අක්කර හතක් පුරා පැතිරී ඇති ඔහුගේ සුවිසල් ගොවිපොළ තුළ පිහිටි දැවැන්ත නිවසේය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT