ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් 2026 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුමත කිරීමට විධායක මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ අනුව තරගාවලියේ සත්කාරකයන් වීම හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මේ තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගෙන ඇති බව අයිසීසීය (15) නිල වශයෙන් නිවේදනය කළේය.
ඩුබායිහිදී පැවති අයිසීසී රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති අතර ඒ අනුව කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වනු ඇත.
මින් පෙර 2021 වසරේ නොවැම්බර් මස 16 වැනිදා අයිසීසීය විසින් තරගාවලියේ සත්කාරකත්වය ප්‍රකාශ කර තිබිණි.
සත්කාරකයන් සමඟ කණ්ඩායම් 12ක් ස්වයංක්‍රීයව මේ තරගාවලියට සුදුසුකම් ලබන අතර කණ්ඩායම් 8ක් ස්ථාන ලබා ගැනීම සඳහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවලට ක්‍රීඩා කරනු ඇත. කණ්ඩායම් 12 අතරට මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 සමඟ සත්කාරකයන්ගේ අවසන් ස්ථාන අනුව මේ වසරේ ජුනි 30 වැනිදා වන විට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් (2 හෝ 4) සඳහා අවස්ථාව හිමි වෙයි.
2026 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 20ක් එක් වන අතර ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 55කි.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට මේ රටවල් ද්විත්ව සත්කාරකත්වය දෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2021 වසරේදී ශ්‍රී ලංකාවත්, 2016දී ඉන්දියාවත් සත්කාරකත්වය ලබාදී තිබේ.