Local

දිලිත් වෙනුවෙන් පෙරට ආ කලාකරුවෝ

Saturday, 31 August 2024 - 8:12 am

දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට කොටු නොවී උපායමාර්ගික සැලසුමක් වටා එක්වන්නැයි පිරිපුන් සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි සාමාජිකයින් අද (30) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසූ අතර ඒ සඳහා දිලිත් ජයවීර මහතාට සහාය පළකරමින් කලාකරුවන් පිරිසක් ද එකවුහ. 

එහිදී අදහස් දැක්වූ පිරිපුන් සංවිධානයේ සභාපති ආනන්ද දේවසිංහ පැවසුවේ උපායමාර්ගිකව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ඇත්තේ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාට පමණක් වන බවය.

'මේ වෙලාවේ හැමෝම සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශන කිහිපයක් එළිදක්වමින් තියෙනවා. දිලිත් ජයවීර මහත්මයා සහ අනෙක් දේශපාලන පක්ෂ නායකයින් අතර තියන වෙනස තමයි, අපි කතා කරන්නේ උපායමාර්ගික සැලසුමක්. අනිත් අය කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. එම නිසා අවුරුදු 77ක් ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් රට හදන්න බැරිවුණා නම් මේ පාරත් ඒක බෑ. අපිට ඕනේ උපායමාර්ගික සැලසුමකට අනුව උපායමාර්ගිකව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ දිලිත් ජයවීර මහත්මාගේ නායකත්වයෙන්.'

මේ අතර සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාට සහාය පළකරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ද අද කොළඹ නගරයේදී  පැවැත්වුණි.

එහි තේමාව වූයේ '' අපි සැවොම එක්වෙමු ව්‍යවසායක රාජ්‍යයක් මඟින් සතුටු දැයක් නිර්මාණය කරමු'' යන්නය.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT