Business

සියලු කොටස් එකොළොස් දහසෙන් පහළට

Wednesday, 28 August 2024 - 10:10 pm

2024 වසරේ මාර්තු 07 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දිනයේ දී ඒකක 11,000 සීමාවෙන් මෙපිටට පැමිණියේය.

එහිදී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.67 කින් පහළ ගොස් ඒකක 10,945.81 ක් ලෙසින් වාර්තා වුණි.

මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ ගිය අඛණ්ඩ තෙවෙනි දිනය අදයි.

මේ අතර අද S&P SL20 මිල දර්ශකය ඒකක 52.92 කින් පහළ ගොස් ඒකක 3,096.04 ක් ලෙසින් වාර්තා විය.

රු. මිලියන 732 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ මෙම කඩාවැටීමට සමාගම් 141 ක කොටස් මිල ගණන් පහළ යාම බලපා තිබූ අතර එහි දී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප්, LOLC හෝල්ඩිංග්ස්, සහ සිලෝන් ටොබැකෝ කම්පැනි යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම බෙහෙවින් බලපාන ලදී.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT