Sports

ටෙස්ට් පිටියට කලකට පසු එන පොට්ස්

Tuesday, 20 August 2024 - 8:59 am

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ මස 21වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන එංගලන්ත සංචිතය ඊයේ (19) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ ස්ථානයට යොවුන් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මැතිව් පොට්ස් කැඳවා තිබේ.

මේ වනවිට 25 වියේ පසුවන පොට්ස් මීට පෙරද එංගලන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වුවත්, 2023 වසරේ ජනවාරි මස අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් පසු මේ දක්වා ටෙස්ට් කණ්ඩායමේ අවස්ථාවක් ලැබී නොමැත. ඔලී පෝප්

2022 වසරේදී නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් පොට්ස්, තරග 06කට ක්‍රීඩාකර කඩුලු 23ක් බිඳහෙළා සිටී.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදීම ලකුණු 13කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.

පළමු පෙළ ක්‍රිකට් තරගයන්හි කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන පොට්ස්, තරග 55කදී කඩුලු 218ක් බිඳහෙළා ඇත. 

අවස්ථා 09කදී කඩුලු පහ බැගින් බිඳහෙළා ඇති ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම 7/40ක් ලෙසින් දැක්වෙයි.

එමෙන්ම පන්දුවට පහරදීමෙන්ද ලකුණු 1067ක් රැස්කර ඇති ඔහු ශතකයක් (නොදැවී 149) හා අර්ධ ශතක 03කට හිමිකම් කියයි. 

ආබාධයකට ලක්ව සිටින බෙන් ස්ටොක්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමිවන අතර, ඒ හේතුවෙන් එංගලන්ත වැඩබලන ටෙස්ට් නායකයා ලෙස ඔලී පෝප් කටයුතු කරයි. 

එමෙන්ම උපනායකත්වය සඳහා හැරී බෘෘක් නම්කර ඇත.

එංගලන්ත සංචිතය

1 ඩෑන් ලෝරන්ස් 2 බෙන් ඩකට්, 3 ඔලී පෝප් (නායක), 4 ජෝ රූට්, 5 හැරී බෲක්, 6 ජේමි ස්මිත් (කඩුලු රකින්නා), 7 ක්‍රිස් වෝක්ස්, 8 ගස් ඇට්කින්සන්, 9 මැතිව් පොට්ස්, 10 මාර්ක් වුඩ්, 11 ෂොයිබ් බෂීර්


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT