International

පැය 24ක් තුළ මියයන බව තහවුරු කළත් තවමත් ජිවත් වන බද්ධ නිවුන් දරුවන්

Sunday, 18 February 2024 - 1:20 pm

Marieme සහ Ndeye යුරෝපයේ ජිවත්වන බද්ධ වූ එකම නිවුන් දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Marieme සහ Ndeye උපත ලබන විට දින කිහිපයකට වඩා ජීවත් නොවන බවයි වෛද්‍යවරු පවසා තිබුණේ.

මේ දෙදෙනාට දැන් වයස අවුරුදු හතක්.

ගැහැණු ළමයින් දෙදෙනාටම ඔවුන්ගේම පෞරුෂයන් සහ මනෝභාවයන් තිබුණත් ඔවුන්ගේ ජීවිතය එකිනෙකා මත රඳා පවතිනවා.

වෛද්‍යවරුන් දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවට පැවසු අවස්ථාවේ ඔවුන්ගේ පියා වන Ibrahima පවත ඇත්තේ අනාගතය නොව වර්තමානයේ සතුටින් ජිවත් වීම වැදගත් වන බවයි.

එංගලන්තයේ සෑම දරු උපත් 500,000 කින් එකක් පමණ නියෝජනය කරන බද්ධ නිවුන් දරුවන් ඉතා දුර්ලභ බව සඳහන්.

එමෙන්ම උපතින් පසු පැය 24ක් තුළ මියයාමේ අවදානමක්ද මොවුන්ට පවතිනවා.

Marieme සහ Ndeye එක් පාද යුගලයක් සහ එක් ශ්‍රෝණියක් ඇති අතර දෙදෙනාටම සුෂුම්නාවක් සහ හදවතක් තිබෙනවා.

දරුවන් දෙදෙනාට පැය 24 පුරාම රැකවරණය ලබාදීමටයි ඔවුන්ගේ පියා කටයුතු කරන්නේ.

2016 දී සෙනගල්හිදී නිවුන් දරුවන් උපත ලබන විට, ඔවුන්ගේ දෙමාපියන් එක් දරුවෙකු අපේක්ෂාවෙන් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බද්ධ නිවුන් දරුවන් උපත ලබා ඇති බව දැනගත් පසු ඔවුන් අහිමි වන බව දැනගෙන ඒ සඳහා තමන් මනසින් ශක්තිමත්ව ඊට මුහුණදීමට සුදානමින් සිටි බව දරුවන්ගේ පියා පවසනවා.

ඔවුන්ගේ පැවැත්මට ඇති හොඳම අවස්ථාව ඔවුන්ව වෙන් කිරීම බව වද්‍ය්වරුන් පෙන්වා දුන් නිසා 2017 දී ලන්ඩනයේ Great Ormond Street රෝහලේ ප්‍රතිකාර සඳහා ඔවුන්ගේ පවුලම ලන්ඩන් නුවර වෙත පැමිණ තිබෙනවා.

මෙම සංකීර්ණ ශල්‍යකර්මය කිරීමට නොහැකි තරමට Marieme හදවත දුර්වල වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය නිසා එම උත්සාහය අසාර්ත වී තිබෙනවා.

කෙසේ වෙතත් උපතින් පසු පැය 24ක් තුළ මියයන් බවට සියලුදෙනා පැවසු තම දරුවන් තවමත් ජිවත් වීම ගැන පියා පවසන්නේ Marieme සහ Ndeye ජීවමාන සටන්කාමීන් බවයි.

 


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT