International

පාකිස්තානයේ භූකම්පන මාලාවක් අතරතුර රැඳවියෝ 216ක් පලා යති

Wednesday, 04 June 2025 - 11:02 pm

පාකිස්තානයට බලපෑ සුළු භූකම්පන තත්ත්වයක් මත කරච්චි නුවර බන්ධනාගාරයක සිරමැදිරිවලින් පිටතට ගත් රැඳවියන් 216 දෙනකු නිලධාරීන්ට පහරදී පලා ගොස් ඇතැයි ද, ඉන් 78 දෙනකු නැවත අත්අඩංගුවට ගෙන ඇතැයි ද එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා මධ්‍යම රාත්‍රියේදී සුළු පරිමාණයේ භූකම්පන මාලාවක් හටගැනීමත් සමඟ ආරක්ෂාව සැලකිල්ලට ගෙන රැඳවියන් දෙදහසක් පමණ සිරමැදිරිවලින් පිටතට ගත් බවත්, ඉන් 216 දෙනකු බන්ධනාගාර නියාමකවරුන්ට පහරදී පලා ගිය බවත් කරච්චි නුවර මලිර් බන්ධනාගාරයේ ප්‍රධානියා අර්ෂද් ෂා ප්‍රකාශ කළ බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම ගැටුම අතරතුර රැඳවියකු මිය ගොස් ඇති අතර, පරාමිලිටරි සෙබළුන් තිදෙනකු සහ නියාමකවරයකු තුවාල ලැබූ බව ද බන්ධනාගාර ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. පලා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙඩි තැබීමට සිදුවූ බව සඳහන් කර ඇති බන්ධනාගාර ප්‍රධානියා එම වෙඩි තැබීමේදී රැඳවියකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව සඳහන් කර තිබේ.

කරච්චි නුවර අයත් සින්ද් ප්‍රාන්තයේ පොලිස්පති ගුලාම් නබි මෙනන් සඳහන් කර ඇත්තේ පලා ගිය රැඳවියන් සොයා සිදු කළ මෙහෙයුමේදී 78 දෙනකු යළි අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය. සෙසු රැඳවියන් 138 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රාන්තය පුරා දැඩි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. පලා ගිය රැඳවියන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන් බව ද වාර්තා වේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT