Sports

ඔලිම්පික් කාන්තා බොක්සිං තරගයේදී මතුවූ අර්බුදය

Friday, 02 August 2024 - 10:32 am

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 7වන දිනය අද (02) වන අතර ඊයේ (01) දිනයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී මතභේදාත්මක සිද්ධියක් ඇතිවිය.

එනම් කාන්තා බොක්සිං ඉසව්ව සඳහා ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි ප්‍රමාණයේ කාන්තාවක් ක්‍රීඩා කිරීම නිසාවෙනි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 6වන දිනය වූ ඊයේ දිනයේදී බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් පැවැත් වුණු අතර ඒ ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි සහ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් අතරය.

කලීෆ් සමග ඇන්ජෙලා කරීනි අතර තරගය පැවැත්වූයේ තප්පර 46ක් වැනි කෙටි කාලයක් පමණි.

කලීෆ් යනු උපතින්ම ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කාන්තාවක්ය.

තරගයෙන් පසු කරීනි සඳහන් කළේ, 'මම කවදාවත් ඒ වගේ පහරවල් වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි. මගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය බැවින් මම ඔලිම්පික් තරගය නතර කළා.''යනුවෙනි.

මේ සමග කලීෆ් කාන්තා අංශය නියෝජනය කරමින් බොක්සිං ඉසව්ව නියෝජනය කිරීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම කතාබහක් නිර්මාණය වී තිබේ.

ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීම සඳහා සිදු කරන ලද ටෙස්ටෙස්ටරෝන් පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් පසුගිය වසරේ පැවති ලෝක ශූරතාව තරගාවලියෙන්ද කලීෆ්ව ඉවත් කර තිබුණි.

මෙම සිද්ධිය සමඟින් ප්‍රසිද්ධ ගත්කතුවරියක් වන ජේ. කේ. රෝලින්ග්, එංගලන්තයේ හිටපු අගමැතිවරියක් ඇතුළු බොහෝ පිරිසක් කලීෆ් කාන්තා අංශය නියෝජනය කිරීම සම්බන්ධයෙන් එක්ස් පණිවිඩ නිකුත් කරමින් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඉමානේ සංක්‍රාන්තික ලිංගිකයෙක් නොව, ඇයගේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ඉමානේ කලීෆ් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයකි.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කලීෆ්, එම වටයේදී හංගේරියා ක්‍රීඩිකාවක් සමග තරග වැදීමට නියමිතය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT