Local

අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්

Thursday, 16 May 2024 - 4:09 pm

අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට (15) එක්වෙමිනි.

මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් නීත්‍යානුකූලව අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදු කර ඇති අතර, පර්චස් 40 ක පමණ එම භූමි ප්‍රමාණය තුළ නීතිඥයින් සදහා කාර්යාල 134 ක් ඉදි කිරීමට නියමිතව තිබේ.

මහනුවර නීතිඥ සංගමයේ සාමාජිකයින් සදහා මේ වන විටත් කාර්යාල සංකීර්ණයක් පවතින අතර, එහෙත් මේ වන විට නීතීඥ වෘත්තියෙහි යෙදී සිටින නීතිඥයින් සදහා එම කාර්යාල සංඛ්‍යාව සිය වෘත්තිය කටයුතු සාර්ථකව සිදු කිරීමට ප්‍රමාණවත් ‌නොමැත.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ වැදගත්ම සාධකය වන්නේ නඩු සදහා පැටලී සිටින මහ ජනතාවයි. නීතිඥවරුන් කරනු ලබන්නේ රැකියාවක් නොවෙයි, එය ගෞරවණිය වෘත්තියක් බව සදහන් කළ යුතුයි. කිසියම් කෙනෙක් අධිකරණය සදහා යොමු වන්නේ පවතින ගැටළුවට යන්න වෙන තැනත් නොමැති නිසයි. ඒ නිසාම අධිකරණයට පැමිණෙන සේවාදායකයාගේ අයිතින් අපි අරක්ෂා කර දිය යුතුයි. පසුගිය වසර කාලයේ අපේ රටේ ආර්ථිකය බිද වැටුණා. රට අරාජික වුණා. රට භාර ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්වයන් අනාගතයේ ඇති නොවන්න අපි වග බලා ගත යුතුයි. රට අරාජිකව ආර්ථිකය බිද වැටී අස්ථාවර රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍යය බිද වැටුණු නිසයි. රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩ නගන්න නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුමයි.

නීතියේ ආධිපත්‍ය ගොඩ නැගෙන්න පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න. ජී.එස්.පී.ප්ලස් ගන්න අපිට නීති හදුන්වා දෙන්න සිදු වුණා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරමින් මේ රටේ ස්වාධින කොමිෂන් සභා ඇති කළා . දුෂණ විරෝධි පනත සම්මත කළා . එම පනත්වල සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දකින්න පුළුවන්. පසුගිය වසර දෙක තුළ නව නීති අණ පනත් 75ක් සම්මත කිරීමට අධිකරණ අමාත්‍යාංශයට හැකියාව ලැබුණා. අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත්තා‍. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නවා. ඒ අනුව වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට පියවර ගන්නවා. විශාල නඩු සංඛ්‍යාවක් පවතින මහනුවර නීතිඥයින් සදහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිරි කිරීම පිළිබදව සතුටු වෙන අතර ඒ වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්නගේ පුර්ණ මැදිහත්වීම මත නීතිඥ කාර්යාල සංකීර්ණය ඉදි කිරීම සදහා කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, මහනුවර නීතිඥ සංගමයේ සභාපති සුනන්ද උදලාගම, ‌ලේකම් සුනිල් වීරකෝන් අදහස් පළ කළහ.

ශ්‍රී ලංකාවේ දෙවන විශාල නීතිඥ සංගමය මහනුවර නීතිඥ සංගමය වන අතර 800 ක පමණ සාමාජිකයින් පිරිසක් සාමාජිකත්වය දරනු ලබයි.

මධ්‍යම පළාත්බද අභියාචනාධිකරණ විනිසුරුවරුන්, මහනුවර මහාධිකරණ විනිසුරුවරුන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් නීතිඥ සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක් වුහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT