Business

අවදානමක් ගැන සිහිකැඳවමින් IMF නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

Friday, 02 August 2024 - 7:03 pm

ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. එම සංචාරය අවසානයේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

යෝජිත ඕනෑම ක්‍රියාමාර්ගයක් නිසා රාජ්‍ය මූල්‍ය තත්ත්වය දුර්වල වේ නම් එහි බලපෑම අවම කිරීම සඳහා වඩාත් උසස් තත්ත්වයේ හානිපූර්ණ ක්‍රියාමාර්ග ගත යුතුය.

නව බදු නිදහස් කිරීම් වළක්වාගැනීම මගින් දූෂණ අවදානම් සහ රාජ්‍ය ආදායම් අහිමි වීම අවම වන අතරම, වඩා හොඳින් පුරෝකථනය කළ හැකි සහ විනිවිදභාවයකින් යුතු බදු ක්‍රමයක් සහතික කෙරේ.

ඉදිරියේ දී ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය පිරිවැය මඟහරවා ගැනීම සඳහා පිරිවැය ආවරණය කළ හැකි මට්ටම්වල බලශක්ති මිල අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ඉලක්කකරණය වැඩි දියුණු කිරීම සහ මුදල් සංක්‍රාම ලැබෙන ජනගහනයේ ආවරණය වඩාත් පුළුල් කිරීම තුළින් දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකිය.



Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT