Sports

නවසීලන්තයට වසර 36කින් නොතිබූ ජයක්

Sunday, 20 October 2024 - 10:05 pm

ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කර බැංගලෝරුහිදී අද (20) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග තරග 3කින් යුත් මෙම තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තේය.

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 107ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ඔවුන් සමත් විය.

ඉකුත් 16 වනදා ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය වර්ෂාව නිසා සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදුවිය.

කෙසේ නමුත් දෙවැනි දිනයේ පළමු ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම ලකුණු 46කට සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකිවිය.

ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 402ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 356ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹීමට ඉන්දියාවට සිදුවිය.

කෙසේ නමුත් දෙවැනි ඉනිමේදී ඔවුන් ලකුණු 462කට දැවීගිය අතර, ඒ හේතුවෙන් ඉන්දියාවට ලබාදීමට හැකිවූයේ ලකුණු 107ක ඉලක්කයක් පමණි.

ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි අංක දෙකේ කණ්ඩායම පරාජය කර නවසීලන්තය ලැබූ මෙම ජය සැලකෙන්නේ, ඔවුන් වසර 36කට පසු ඉන්දියාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය ලෙසය.

අවසන් වරට ඔවුන් ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කර ටෙස්ට් ජයක් ලබා  තිබුණේ 1988 වසරේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයකදීය.

නවසීලන්තය හා ඉන්දියාව 1955 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන අතර, මේ දක්වා තරග 63ක් පැවැත්වී ඇත.

ඉන් තරග 14ක් නවසීලන්තය ජය ගනිද්දී, ඉන්දියාව තරග 22ක් ජයගෙන ඇත.

එමෙන්ම දෙරට අතර තරග 37ක් ඉන්දියාවේදී පවත්වා ඇති අතර, ඉන් මේ දක්වා නවසීලන්තය ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. තරග 17ක්ම ඔවුන් පරාජය වී ඇත.

1988 වසරේ ටෙස්ට් තරගය ජයගැනීමට පෙර ඔවුන් ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කර තිබුණේ 1969 වසරේදීය.

මේ අතර නවසීලන්තය අද ලැබූ ජයග්‍රහණයේ තවත් විශේෂත්වයක් වන්නේ, මෙය 2000 වසරෙන් පසු සංචාරක කණ්ඩායමක් ඉන්දියාවේදී ලකුණු 100කට වැඩි ඉලක්කයක් සම්පූර්ණ කරගත් පළමු අවස්ථාව ලෙසය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT