රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල්, මස් මාංස අලෙවිසැල් ඇතුළු ස්ථාන දින තුනක් වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසල්, මස් මාංස අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
එසේම සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් නිවේදනය කර තිබෙන බව සඳහන්.
මෙවර වෙසක් සතිය මැයි මස 10 සිට මැයි 16 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.