Local

බොරු වියදම් වාර්තා දුන්නොත් ජනපති අපේක්ෂකයන්ට වැඩ වරදී

Thursday, 05 September 2024 - 10:14 am

අපේක්ෂකයකුට ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ නඩු විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනකට අහෝසි කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එලෙස ප්‍රජා අයිතිය අහෝසි කෙරුණු අවස්ථා ඉතිහාසයේ පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. එමෙන්ම ඔහුගේ ධූරය අහිමි කිරීමට ද ප්‍රතිපාදන ඇති බව හෙතෙම සඳහන් කළේය. මේ අතර ජනාධිපති අපේක්ෂකයන්ගේ වියදම් විස්තරය මැතිවරණයෙන් පසු පුවත්පත් දැන්වීම්වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබාදී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට නීතියෙන් අවසර හිමිවන බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.අපේක්ෂකයන්ගේ වියදම් විස්තරය ඡන්දයෙන් පසු දින 21 ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාවට බාරදිය යුතුවේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT