International

බංගලිදේශයේ ගාමන්ට් 219ක් වසා දමයි…

Sunday, 15 September 2024 - 9:34 am

කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීම සහ නොසන්සුන්තාව හේතුවෙන් බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්ත ශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හා විරෝධතාව හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා 86 ක් දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගෙන තිබූ බවත්,
විරෝධතා වැළැක්වීම සඳහා තවත් කර්මාන්ත ශාලා 133ක සේවක සේවිකාවන්ට නිවාඩු ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබූ බවත් එරට ‘නිව්ස් ඒජ්’ පුවත් සේවය වාර්තා කළේය.

සේවක විරෝධතා උත්සන්න වූවද ඩකා නුවර අපනයන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 88ක නිෂ්පාදන කටයුතු සිදු කිරීමට එහි පාලනාධිකාරීය සමත් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා කර්මා- න්තශාලා ඉදිරිපිට අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා තිබූ බව ද වාර්තා වේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT