International

ස්විස්ටර්ලන්තයේ ලාංකිකයන්ගේ Gloaming Dinner Dance ප්‍රසංගය අතිසාර්ථකයි

Sunday, 10 March 2024 - 10:22 am

ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය මාර්තු 02 වැනිදා සංවිධාන කර තිබූ දැවැන්ත ප්‍රසංගය වන Gloaming Dinner Dance ප්‍රසංගය අති සාර්ථක ලෙස නිමා විය.

පැමිණි ශ්‍රී ලංකික හා ස්විස් ජාතික සියලු අමුත්තන්ගේ පැසසුමට එහි සංවිධායක මඩුල්ලද, ආරාධිත ගායන ශිල්පීන් ද ලක්විය.

මේ සදහා ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගේ පුත් පියුෂාන් පෙරේරා සහ චිත්‍රාල් සෝමපාල වැනි ජනප්‍රිය ගායකයින්ද, ඉතාලියේ මිලානෝ නගරයේ සිට මේ සඳහා සහභාගී වූ Waves Milano සංගීත කණ්ඩායමද විය.

මෙම ප්‍රසංගයට ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ ප්‍රවීණ සංගීතඥ නිමල් පෙරේරා ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

2021 වසරේ ඉතාලියේ ප්‍රවීණ bass guitar වාදක කේමන්ත වඩුගේ මහතාගේ මුලිකත්වයෙන් ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සංගීතඥයින් අතරින් අති දක්ෂයින් 6 දෙනෙකුගේ සුසංයෝගයෙන් ආරම්භ වුනු Waves සංගීත කණ්ඩායම මේ වනවිට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ වූ උත්සව වලට ඉතා ඉහල ඉල්ලුමක් ඇතිකරගෙන ඇත.

ජය ශ්‍රී, චාමික සිරිමාන්න, සංක දිනෙත්, පිවුෂාන් පෙරේරා(ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගේ පුත්) සහ චිත්‍රාල් සෝමපාල වැනි ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයින් යුරෝපයේ පවත්වන ලද විවිධ සංගීත සංදර්ශනවලටද අති සාර්ථක ලෙස තම දායකත්වය සපයා බොහෝ රසිකයින්ගේ මෙන්ම සංවිධායකවරුන්ගේද ඉහල ප්‍රසාදයට පත්ව තිබේ.

මේ දිනවල තම ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇති Waves සංගීත කණ්ඩායම මේ වසරේ තම පළමු ගීතය එලි දැක්වීමටද බලාපොරොත්තු වෙන් සිටියි.

ඉතාලියෙන් ආරම්භ කල ගමන අද වන විට ඉතාලියේ අසල්වැසි රටක් වන ස්විට්සර්ලන්තයේ පැවැත්වුණු Gloaming Dinner Dance ප්‍රසංගය දක්වා වර්ධනය කරගත් Waves සංගීත කණ්ඩායම ඉදිරියේදීත් යුරෝපීය හා අනෙකුත් විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙවැනි වූ ප්‍රසංග වලට තම දායකත්වය ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

 
 
 
 


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT