Local

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

Friday, 17 May 2024 - 8:21 am

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා (16) දින පස්වරු හයට තාවකාලිකව වසා දමන ලද ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සදහා (17) දින පෙරවරු නැවත විවෘත කල බව බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව නායයෑම් සක්‍රීය ව ඇති කරඳගොල්ල මලිත්තගොල්ල හි යොදවා ඇති  පොලිස් මාර්ග බාධකය අසලදී පොලිසියේ පූර්ණ අධීක්ෂණය යටතේ හා ගමනා ගමනයේ යෙදෙන මගීන්ගේ විශේෂ අවධානය සහිතව ගමනා ගමන කටයුතු සිදුකරන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා එම මාර්ගය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටියි.

එම ප්‍රදේශයට ඇතිවන වර්ෂාපතන තත්වය අනුව ඕනෑම අවස්ථාවකදි  නැවතත් මෙම මාර්ගය වසා දැමීමට සිදුවනු ඇති බවද සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා තවදුරටත් සදහන් කළේය


Top Stories
wedivistara

දුවන බසයේ රියැදුරුට කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහලා

wedivistara

පාස්කු විමර්ශන අඩපණ කිරීමට ගෝඨාභය පළිගත් හැටි හෙළි කරයි

wedivistara

පොලිස් නිල­ධා­රීන් රියැ­දු­ර­කුට බර­ප­තළ ලෙස පහ­ර­දීලා

wedivistara

ගංවතුරින් අවතැන්ව සිටි අය ගෙන්වා අහාරපාන ලබා දුන් අයගේම මැණික් අවතැන්වුවන් සොරකම් කරයි

wedivistara

රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

wedivistara

පන්ති කාඹ­රය නිර්මා­ණ­ශී­ලි­ත්වය ඔප්නං­වන තැනක් විය යුතුයි - අග­මැති

Trending
wedivistara

රනිල් පැවරූ වගකීම් ගැන එජාප ජාතික ලේකම්ගෙන් සහතිකයක්

wedivistara

වාහනයක ගමන් කිරීමේ දී අනිවාර්ය ලේඛන

wedivistara

“කුකුල් චමින්ද” බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

wedivistara

ඇමරිකානු ටීචර්ට මොන­රා­ගල බසයේදී අතවර කළ අය හසුවේ

wedivistara

අයිති නැති අත්ස­නක් පිළි­ගන්නවී තැවුලට පත් තරුණ හමුදා නිලධාරිනිය දුම්රියේ ගැටී මියයයි

wedivistara

ජයගත් මොදීට පීඩනය එල්ලවේ - හවුල් පක්ෂ 2ක් ඇමැති ධුර 8 ක් ඉල්ලයි


NEWS ALERT