Local

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද යළි අධිකරණයට

Wednesday, 11 June 2025 - 10:42 am

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.

මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවත්  මෙම නඩුකරය හෙට දින ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙස නියෝග කර ඇති බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙන්නේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT