Sports

ඔලිම්පික් සුරතලා ෆ්‍රිජියන්

Tuesday, 30 July 2024 - 9:55 am

ඔලිම්පික් ක්‍රීඩා උළෙල 33 වැනි වරට මෙවර පවත්වනු ලබන්නේ ප්‍රංශයේ පැරිස් පුරවරයේදීය. එය 2024 ජූලි 26 වැනි දින සිට අගෝස්තු 11 වැනි දින දක්වා පැවැත්වේ.

මෙවර ඔලිම්පික් උළෙලේ වාසනාවන්ත සුරතලා බවට පත්වී ඇත්තේ “ෆ්‍රිජියන්”ය.

ෆ්‍රිජියන් (Phrygian) යනු ඓතිහාසික ප්‍රංශයේ නිදහසේ සංකේතයක් වූ තොප්පියකි. ප්‍රංශ විප්ලවයේදී විප්ලවවාදීන් විසින් ෆ්‍රිජියන් විලාසිතාවේ තොප්පි භාවිතා කර ඇත. මෙය 1790 මැයි මසදී ලේඛනගත කර ඇත.

ෆ්‍රිජියන් කැප් හෝ ලිබර්ටි කැප් යනු නැඟෙනහිර යුරෝපයේ, ඇනටෝලියාවේ සහ ආසියාවේද භාවිතා වූ අග්‍රය නැමුණු මෘදු කේතුකාකාර තොප්පියකි. පුරාණ ග්‍රීක ෆ්‍රිජියා යනු ඇනටෝලියාවේ බටහිර මධ්‍ය ප්‍රදේශයයි. එය දැන් ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වූ තුර්කියේ රාජධානියයි. ෆ්‍රිජියන් තොප්පිය මුලින්ම භාවිතා කළේ සිතියන්වරුන්, මේදවරුන් සහ පර්සියානුවන් ඇතුළු ඉරාන ජාතිකයන්ය. ග්‍රීකයන් ඔවුන්ගේ නැඟෙනහිර අසල්වාසීන් සමග එක් ප්‍රභේදයක් හඳුනාගෙන එය “ෆ්‍රිජියන් කැප්” ලෙස නම්කර ඇත. ග්‍රීක බඳුන් චිත්‍රවල මෙන්ම මූර්තිවල මිඩාස් රජුගේ සහ අනෙකුත් ෆ්‍රිජියන්වරුන්ගේ නිරූපණවල මෙම ෆ්‍රිජියන් තොප්පිය නිරූපණය වේ. ෆ්‍රිජියන් තොප්පිය ලොම් හෝ සිනිඳු සම්වලින් යුක්ත වූ අතර අතීත හෙලනිස්තික කාලයේදී ග්‍රීකයන්, ඒ වන විටත් ඒ හා සමාන ලක්ෂණ සහිත තුඩක් අඩංගු හමුදා හිස් වැසුම් නිපදවා තිබුණි. ටේ්‍රජන්ගේ ඩේසියන් යුද්ධයේදී (ටේ්‍රජන් අධිරාජ්‍යයාගේ පාලන සමයේ රෝම අධිරාජ්‍යයා සහ ඩේසියා අතර යුද්ධය) ඩේසියා රණකාමීන් මේ ෆ්‍රිජියන් තොප්පිය පැලඳ සිට ඇත. පුරාණ ලාඕසියා නගරයේ මීටර් 3ක් උස ටේ්‍රජන් ස්මාරකයේ ප්‍රතිමාවේ ටේ්‍රජන් සමග සිටින සිරකරු ෆ්‍රිජියා තොප්පියක් පැලඳ සිටී.

2024 පැරිස් ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් සුරතලා වන “ෆ්‍රිජියන් කැප්” ප්‍රංශ ඉතිහාසය පුරාම නිදහසේ සංකේතය විය. ඒවා කලා ලෝකයේ සහ ප්‍රංශ ආයතනවල, ජනරජයේ සංකේතයක් ප්‍රංශ ජනතාව සඳහා පොදු දෙයකි. ෆ්‍රිජියන් තොප්පි සෑම නගර ශාලාවකම ඇති ප්‍රකට චරිකයක් වන (Marianne) මෙරියන් ගේ ප්‍රතිමා රූපයේ හිස මතදී දැකිය හැකිය. ප්‍රංශයේ කාසි සහ මුද්දර මතද, එදිනෙදා භාණ්ඩවල ද දක්නට ලැබේ. ලිබර්ටි කැප් ලෙසද හැඳින්වෙන ෆ්‍රිජියන් තොප්පිය ප්‍රංශ ජනරජයේ සංකේතයක් බවටද පත්වී තිබේ.

ප්‍රංශ ඔලිම්පික් උළෙලට පෙරාතුව 2022 නොවැම්බර් 14 වැනි දින, ගිම්හාන හා පැරා ඔලිම්පික් උළෙලවල් වල සුරතලා වන මේ ෆ්‍රිජියන් සුරතලා එළිදක්වන ලදී.

රුවන් තරස්වින්

2024 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ සුරතලා ෆ්‍රිජියන් (වමේ) සහ පැරා ඔලිම්පික් උළෙලේ සුරතලා (දකුණේ) ප්‍රංශයේ ධජය රැගෙන


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT