Sports

මංතීරු කඩකිරීම හේතුවෙන් අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

Wednesday, 07 August 2024 - 9:50 am

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය.

සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපරෛාත්තුවත් සමඟ අරුණ දර්ශන ඊයේ රාත්‍රී 11.05ට පමණ ක්‍රීඩාංගණයට පිවිසියේය.

එම ඉසව්ව අවසන් කිරීමට අරුණ ගතකල කාලය තත්පර 44 යි දශම 7යි 5කි.

එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වුණු අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණයි.

නමුත් එම තරගයේදී අරුණ, ධාවන මංතීරු නිති උල්ලංගණය කර තිබීම හේතුවෙන් අරුණගේ එම දක්ෂතාව අවලංගු කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළේය.

ඔහු එම තරගයෙන් පස්වෙනි ස්ථානය හිමිකර ගත්තේය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT