Sports

අනුකම්පා සහ විරෝධතා මැද ඉමානේ රන් පදක්කමට ළං වෙයි

Sunday, 04 August 2024 - 10:57 am

කාන්තාවක් ලෙස උපත ලැබූවත් ජාන පිහිටීමේ ස්වභාවය හේතුවෙන් ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙක් ලෙසින් හැඳින්වෙන ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (03) සමත් වූවේය.

මෙරට වේලාවෙන් අද (03) රාත්‍රියේ පැවති කාන්තා කි.ග්‍රෑ. 66 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට ක්‍රීඩාකළ කලීෆ්, ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ හංගේරියාවේ ලූකා හමෝරිව විනිසුරු ඒකමතික තින්දුවකින් (ලකුණු 5-0) පහසුවෙන් පරාජය කළාය.

ඒ අනුව ඇය අවසන් පූර්ව වටයේදී තායිලන්තයේ ජන්ජයම්  සුවන්නෆෙං සමගින් තරග වැඳීමට නියමිතව ඇත.

ජාන පිහිටීමේ ස්වභාවය සහ රුධිරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඉමානේ කලීෆ්, කාන්තාවක් වුවත් ඇයව හැඳන්වෙන්නේ ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙකු ලෙසින්.

ඒ හේතුවෙන් ඇය කාන්තා අංශය යටතේ තරග කිරීමට එරෙහිව ලොව පුරා විරෝධතා ඇතිවුණු අතර, තවත් පිරිසක් ඇය වෙනුවෙන් පෙනී සිටියේය.

කෙසේ නමුත් ඇය තරග කිරීම මෙවර ඔලිම්පික් උළෙලේදී වැඩි කථා බහකට ලක්ව තිබෙන සිද්ධියකි.

මෙම තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී ඇය ඉතාලි ක්‍රීඩිකාවට එරෙහිව තරග කළ අතර, එම තරගය තත්පර 46ක් වැනි කෙටි කාලයකින් පැවැත්වෙමින් තිබියදී ඉතාලි ක්‍රීඩිකාව තරගයෙන් ඉවත් වූවාය.

තරගයෙන් පසු ඉතාලි ක්‍රීඩිකාව පැවසුවේ, තමන් කවදාවත් එවැනි පහරකෑමකට ලක් නොවූ බවයි.

කලීෆ් යනු ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීම සඳහා සිදු කරන ලද ටෙස්ටෙස්ටරෝන් පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් තරගාවලි කිහිපයකින් ඉවත් කළ ක්‍රීඩිකාවක්ද වෙයි.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT