International

චීන ජනපති බ්‍රික්ස් ප්ලස් සමුළුව අමතයි

Friday, 25 October 2024 - 7:57 pm

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, සැමවිටම චීනය ගෝලීය දකුණ පිළිබඳ සැලකිලිමත් බව එරට ජනපති ෂී ජින්පිං ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රුසියාවේ Kazan හි දී පැවති බ්‍රික්ස් ප්ලස් රාජ්‍ය නායකයන්ගේ සංවාදයට එක් වෙමින්.

“ගෝලීය දකුණේ බලවත් බලවේග එක්රැස් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා.

එමෙන්ම සාමය තහවුරු කිරීමෙන් පොදු ආරක්ෂාව ඉටු කිරීම, සංවර්ධනය පුනර්ජීවනය කිරීමෙන් විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කිරීම, එක්ව ශිෂ්ටාචාරයන් නැංවීමෙන් විවිධත්වයේ සමගිය ‍ගොඩනැගීම යන කරුණු චීන ජනපතිවරයාගේ දේශනයේ දී මූලිකව මතු කර තිබෙනවා.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් ඒකාබද්ධව නවීකරණයට පිවිසීම ලෝක ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් වන බවත්, එය මානව ශිෂ්ටාචාර ක්‍රියාවලියේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බවත් ජනපති ෂී ජින්පිං මෙහිදී සඳහන් කළා.

මීට අමතරව විවිධ රටවල් අතර මානව හා සංස්කෘතික හුවමාරු සහ රාජ්‍ය පාලනය පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ගෝලීය දකුණේ බුද්ධි මණ්ඩලවල සහයෝගීතා සංගමයක් පිහිටුවීමට ද චීනය පෙරමුණ ගනු ඇති බවයි ඔහු එහිදී පැවසුවේ.


Top Stories
wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

wedivistara

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

wedivistara

හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට නියාමකවරුන් සූදානම් වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT