International

මාල දිවයිනත් ඩොලර් සංචිත පහත වැටී දරුණු ආර්ථික අර්බුදයක

Thursday, 29 August 2024 - 12:32 pm

මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. 
එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්‍රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මාලදිවයින ආර්ථිකය මූලිකව සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය හාරහා කේන්ද්‍රගතව පවතී.
කලකදී ලොව සරලම බදු කේතය සහිත රට ලෙස සැලකුණු මාලදිවයිනේ බදුකරණය මේ වනවිට පවතින්නේ මාලදිවයින දේශීය ආදායම් බදු අධිකාරිය යටතේ ය.
අමතර ඩොලර් සංචිත නොමැති වුවහොත් අයවැය කළමනාකරණය කර ගැනීම රජයට අපහසුවනු ඇතැයි මාලදිවයින මූල්‍ය අධිකාරිය මෙම වසර ආරම්භයේදීම අනතුරු ඇඟවා තිබේ.
කෙසේ වුවද පුරෝකථන නොසලකා හරිමින් කටයුතු කිරීම හේතුවෙන් එරට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජය යටතේ මාලදිවයින මේ වනවිට අනපේක්ෂිත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
ඒ එරට ඉතිහාසයේ පළමුවරට භාවිත කළ හැකි ඩොලර් සංචිත ක්ෂය වෙමින් පැවතීම හේතුවෙනි.
ගෙවී ගිය ජුනි මාසයේ අගභාගයේ අමෙරිකානු ඩොලර් මිලියන 509ක් ලෙස සටහන් වූ එරට දළ ඩොලර් සංචිතය මාසයක් තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 395ක් දක්වා පහත වැටී තිබේ.ඒ අතරින් භාවිත කළ හැකි ඩොලර් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 43ක් වන නමුත් ආනයනය කිරීම් සඳහා එක් මසකට පමණක් මාලදිවයිනට ඩොලර් මිලියන 70ක් අවශ්‍යවනු ඇති අතර උද්ධමනය සහ ආනයන ඉහළ යාම, මත්ස්‍ය අපනයනය කිරීම සහ සංචාරක කර්මාන්තය පහත වැටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
කඩා වැටෙන ආර්ථිකය පිළිබඳව නොසලකා ජනාධිපති මුයිසු රජයට අමාත්‍යවරුන් 300කට ආසන්න සංඛ්‍යාවක් කිරීම සහ දේශපාලනික බඳවාගැනීම් 2,000ක් පමණ සිදුකිරීම හේතුවෙන් මාසිකව ඩොලර් මිලියන 65ක් දැරීමට සිදුවීමත් මෙම ආර්ථික කඩා වැටීමට තවත් එක් හේතුවකි.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩොලර් මඟින් ගනුදෙනු කිරීම, බැංකු කාඩ්පත් හරහා ඩොලර් මඟින් ගනුදෙනු කිරීම සහ ක්‍රෙඩ්ට් කාඩ් මඟින් සිදුකළ හැකි ගෙවීම ඩොලර් 100ට සීමා කිරීමට මාලදිවයින මහා බැංකුව පියවර ගෙන තිබුණි.
එමෙන්ම ඩොලර් සංචිත ඉහළ නැංවීම සඳහා රජය බදු ඉහළ නැංවීමට මෙන්ම නව බදු පැනවීමටත් අපේක්ෂා කරන බව වාර්තා කෙරෙයි.
ඒ අනුව මාලදිවයින හිටපු මුදල් අමාත්‍ය ඊබ්‍රාහිම් අමීර් අනතුරු අඟවන්නේ, මාලදිවයින මේ වනවිට ආර්ථිකය කඩා වැටීමේ අබියසක සිටින බවය.
මාලදිවයින ආර්ථික අර්බුදය එරට කලාපීය ස්ථාවරත්වයටත් එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT