Sports

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විස්සයි20 සටන අද ඇරඹේ

Monday, 04 March 2024 - 8:30 am

රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඩකා අගනුවර සිට කිලෝමීටර් 240ක් දුරින් පිහිටි සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති විස්සයි20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව ජයගෙන ඇති පසුබිමකදී මේ හමුවීම සිදු වන හෙයින් තම නිජ බිමේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ පෙරළිකාරී ජයග්‍රහණයකට සූදනමින් සිටිති. ශ්‍රී ලංකාව නිමා වූ සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලි දෙකම විශිෂ්ට ලෙස ජයගෙන ඇති බැවින් එම ස්ථාවරත්වය දිගටම පවත්වා ගැනීමේ සූදානමින් පසුවේ. විස්සයි20 ලෝක කුසලානයට පෙර කණ්ඩායම් දෙක සහභාගි වන අවසන් තරගාවලිය මෙය බැවින් මේ හමුවීම තීරණාත්මක වී තිබේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේදී විනිසුරු තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් නිත්‍ය නායක වනිඳු හසරංගට පළමු තරග දෙක තහනම් වී ඇති අතර, නායකත්වයට චරිත් අසලංක පත් වූවේය. එමෙන්ම ඇෆ්ගනිස්තාන තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට මේ විස්සයි20 තරගාවලිය අහිමි වී ගොස් ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවීය. බංග්ලාදේශය බලා පිටත්වීමට ඔන්න මෙන්න තිබියදී කුසල් ජනිත් පෙරේරාට උණ රෝගය වැලඳීම හේතුවෙන් ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට එක් විය.

මේ සිදුවීම් සියල්ලම ශ්‍රී ලංකා පිලට අවාසිදායක තත්ත්වයක් මතුකරන අතර, එම තත්ත්වය නායක චරිත් අසලංක කළමනාකරණය කරන ආකාරය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වනු ඇත.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, අවසන් වරට විස්සයි20 තරගාවලියක් පවත්වා ඇත්තේ 2018දී බංග්ලාදේශයේදී වන අතර, එහිදී ශ්‍රී ලංකා පිල තරග 2-0කින් ජයග්‍රහණය අත්කර ගත්තේය.

බංග්ලාදේශය මෑතක සිට විස්සයි20 තරගාවලිවලදී ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, බංග්ලාදේශයේදී නිමාවූ අවසන් විස්සයි20 තරගාවලි තුනම ජයග්‍රහණය කළේය. එංගලන්තය සමඟ 3-0ක් ලෙස, අයර්ලන්තය සමඟ 2-1ක් ලෙස හා ඇෆ්ගනිස්තානය සමඟ 2-0ක් ලෙස බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිට පිට විස්සයි20 තරගාවලි ජය ලබා ගත්හ. බංග්ලාදේශ පිල මෙයට මාස දෙකකට පෙර නවසීලන්තයේ කළ සංචාරයේදී තරග 1-1ක් ලෙස සම තත්ත්වයකට පත්විය.

මෙතෙක් දෙරට අතර පැවති විස්සයි20 තරගවලදී ශ්‍රී ලංකාව තරග 8ක් ජයගෙන ඇති අතර, බංග්ලාදේශය තරග 5ක ජයග්‍රහණ වාර්තා කර ඇත.

බංග්ලාදේශය මේ ශ්‍රී ලංකා සංචාරයේදී තම පුහුණු කාර්ය මණ්ඩලයට නව මුහුණුවරක් ලබා දී ඇති අතර, බර්මියුඩාවේ හිටපු ක්‍රීඩක ඩේවිඩ් හෙම්ප් මහතා පිතිකරණ පුහුණුකරු ලෙසත් නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ ඇඩම්ස් මහතා පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් පත් කර තිබේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT