Sports

ක්‍රීඩාලෝලීන්ට තවමත් අදහාගත නොහැකි මෙහෙමත් පැරදිල්ලක්…!

Thursday, 01 August 2024 - 9:15 am

පිට පිට තුන්වැනි වරටත් ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරණය කඩා වැටීම හේතුවෙන් දෙපිල අතර පල්ලෙකැලේ පිටියේ පැවැති විස්සයි20 තරගාවලියෙන් 3-0ක පූර්ණ ජයක් ඉන්දීය පිලට හිමි විය. පෙරේදා පැවැති තුන්වැනි තරගයේදී ඉන්දීය පිල ලකුණු 137කට සීමා කළ ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය පෙනි පෙනී සිටියේ සිය ඉනිමේ 16 වැනි ඕවරයේදි එක් කඩුල්ලකට ලකුණු 110ක් ලබා ගනිමිනි. එහෙත් ඊළඟ කඩුලු 7 ම ලකුණු 27ක් ඇතුළත බිඳ වැටුණේ තුන්වැනි වරටත් මැදපෙළ පිතිකරුවන් දියාරු වීම නිසාය. විස්මයජනක කරුණ වන්නේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර දෙක යවනු ලැබුවේ කිසිදිනෙක විස්සයි20 තරගයකදී පන්දු නොයැවූ රින්කු සිං සහ නායක සූර්යකුමාර් යාදෙව් වීමය. රින්කු යැවූ 19 වැනි ඕවරයේදි ලබා දී ඇත්තේ ලකුණු 3ක් පමණි. කඩුලු 2ක් ද බිඳ වැටී තිබේ. සූර්යකුමාර් යැවූ අවසන් ඕවරයේදී ලබා දී ඇත්තේ ලකුණු 5ක් පමණි. ඔහුද කඩුලු 2ක් බිඳ දැමුවේය.

සම වූ තරගය සුපිරි ඕවරය දක්වා ඇදී ගියද, එම ඕවරය කෙටිම කෙටි සුපිරි ඕවරයක් බවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් අදහාගත නොහැකිව බලා සිටියදිය. එම ඕවරයේදී ශ්‍රී ලංකා පිල මුහුණ දුන්නේ පන්දු 4කට පමණි. සුපිරි ඕවරයේ නීතියට අනුව සීමා කර ඇති කඩුලු 2ම එම පන්දු 4ක් ඇතුළත බිඳ වැටුණු අතර, රැස් කරනු ලැබුවේ ලකුණු 2ක් පමණි. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 3 ඉන්දීය පිලේ සුපිරි ඕවරයේ පළමු පන්දුවට සූර්යකුමාර් යාදෙව් එල්ල කළ හතරේ පහරින් එක් විය. පල්ලෙකැලේ පිටියට පැමිණි නරඹන්නන් රෑ ජාමේ ගෙදර යෑමට නොහැකිව රස්තියාදු වීම නිසාම නොව ශ්‍රී ලංකා පිල ලැබූ අන්ත පරාජය නිසා නන්නත්තාර වී සිටි බව සමාජ මාධ්‍යජාලයේ පළ වී තිබිණි.

ෆවුස් මොහොමඩ්


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT