Entertainment

උපාධියෙන් පසු හෙට දවස…? බලධාරිනි, ඇස් ඇර බලනු !

Friday, 30 August 2024 - 6:55 pm

පළමු වසරේ සිට උසස් පෙළ දක්වාම රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ විෂය මාලා සකස් කරමින් අධ්‍යාපනය ලබාදෙනුයේ රජය විසිනි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල හා මණ්ඩපද සමඟ උසස් අධ්‍යාපන ආයතන 20කට අධික ප්‍රමාණයක් දැනට මෙරට ක්‍රියාත්මකය. වර්ෂයකට සිසුන් 30,000-40,000ක ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නවා සේම එම ප්‍රමාණයම හෝ ඊට වැඩි පිරිසක් වසරක් පාසා ඉන් පිටවීමද සිදුවේ.

මේ අතුරින් සැලකිය යුතු පිරිසක් රැකියා සොයාගන්නා අතර ඇතැම් පිරිසක් රැකියා විරහිත උපාධිධාරීන් ලෙසින් රජය විසින් කවදා හෝ රැකියාවක් ලබාදෙනතුරු නිවසට වී කාලය ගත කරමින් බලා සිටින්නන්ය. ඇතැමුන් පෞද්ගලික අංශයේ හා විදෙස් රැකියාවල නිරත වන බැවින්ද ස්වයං රැකියා හෝ ව්‍යාපාරවල නිරතව සිටිය හැකි බැවින්ද රැකියා විරහිත උපාධිධාරීහු කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසිය යුතු වේ. වෛද්‍ය, ඉන්ජිනේරු, තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් හැර අනිකුත් උපාධිධාරීන්ට රැකියා හිඟයක් පවතී. ඒ අතරිනුත් කලා උපාධිධාරීන්ට රැකියා සොයා ගැනීමත් කාලයක් තිස්සේ නිර්මාණය වූ ප්‍රශ්නයකි. බලධාරීන්ගෙන් හා නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ඉල්ලනවිට ඔවුන් එකිනෙකාට බෝලය පාස් කරමින් එය මඟහරවයි. පොරොන්දු පත්‍රිකා හා වාර්ෂික අය-වැය මඟින්ද රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ සිහිපත් කිරීමක් පමණක් සිදුකරයි.

උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගල කරනවිට ඇතැම් පිරිස් අසනුයේ රජය ඔවුන්ට රැකියා ලබාදිය යුතුද යන්නය. ඔවුන් පවසන්නේ රජය රැකියා දීමට බැඳී නොසිටින බැවින් තමන් විසින් රැකියා සොයාගත යුතු බවයි.

කෙසේවෙතත් රජයේ ප්‍රතිපත්ති යටතේ සිසුහු ඉගෙනුම ලබති. එම විෂයන්ට ගැළපෙන රැකියා වෙළෙඳපොළේ නැත්නම් රජය මැදිහත්ව රැකියා ඇති කළ යුතු වේ. රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි විෂමාලා සංශෝධනය කළ යුතුය. තවද දැනට පවතින රැකියා; උපාධිධාරීන්ගේ උපාධිවලට නොගැළපෙන තත්ත්වයක පවතී.

රජය මඟින් බාහිර උපාධිය හා අභ්‍යන්තර උපාධියට වෙනම සැලකීමක් සිදුනොකර සුදුස්සන් තෝරාගෙන සුදුසු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන්ට රැකියා ලබාදීම සිදුකළ යුතුය. තවද රජයේ විශ්වවිද්‍යාලයකින් බාහිර උපාධිධාරියකු ලෙස උපාධිය ලබාගන්නා ශිෂ්‍ය්‍යන් හා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගන්නා ශිෂ්‍යයන්ට රජයේ නිලධාරීන් විසින්ම රජයේ ආයතන තුළම දෙආකාරයකට පිළිගනු ලබයි.

රජයේ රැකියාවල පවතින සුරක්ෂිතතාව, නිදහස් බව, වරප්‍රසාද, දීමනා, නිවාඩු, විශ්‍රාම වැටුප් යනාදී පහසුකම් නිසා සියලු උපාධිධාරීන් රජයේ රැකියාවක් පතයි. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයේ වැටුපෙහි වැඩි අගයක් පැවතුණද රැකියා විරහිත උපාධිධාරීහු සැමවිටම පතන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක්මය. රැකියා වෙළෙඳපොළේ තත්ත්වය පිළිබඳව රජය මෙන්ම උපාධි අපේක්ෂකයන්ද පූර්ව දැනුමකින් සිටිය යුත්තේ එබැවිනි.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වන උපරිම වයස් සීමාව අවුරුදු 45ක් විය යුතු යයි රජය තීරණය කර තිබේ. 2020 සිට 2024 දක්වා අවුරුදු 4ක කාලසීමාව තුළ රට පුරා විශ්වවිද්‍යාලවලින් විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ උපාධි ලබා රැකියා විරහිතව සිටින උපාධිධාරීන් සංඛ්‍යාව 40,000ත් ඉක්මවා තිබේ. 2016 වසරේ සිට රාජ්‍ය අංශයේ නව බඳවා ගැනීම්වලදී විශ්‍රාම වැටුප් අයිතියද කප්පාදු කර තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2023 අවසන් කාර්තුව වනවිට උ.පෙළ හා ඉන් ඉහළට අධ්‍යාපනය ලැබූ අයගේ රැකියාව සියයට 8.4කි. එය සංඛ්‍යාවක් ලෙස 148,092කි. අවුරුදු 15-24 අතර තරුණ තරුණියන්ගේ විරැකියාව සියයට 23.4ක් තරම් ඉහළ අගයක් වී තිබේ.

මෙම ගැටලු නිරාකරණය කිරීමට නම් රජයේ සංවර්ධන සැලැස්ම තුළින් රාජ්‍ය අංශයේ උත්පාදනය වන රැකියා අවස්ථා සහ පුරප්පාඩු සංඛ්‍යාව අනුව නියමිත බඳවා ගැනීම් පටිපාටි අනුගමනය කරමින් රාජ්‍ය අංශයට බඳවා ගැනීම් සිදුකළ යුතු වේ. රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී විවෘත තරග විභාග හෝ වෙනත් පිළිගත් ක්‍රමවේද අනුගමනය කර උපාධිධාරීන් බඳවා ගැනීමට හැකි වේ. එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරි නිලධාරීන් විශ්‍රාම යාම, වෙනත් සේවයක් වෙත මුදා හැරීම, ඉල්ලා අස්වීම, තනතුර අතහැර යාම හෝ පත්වීම අවසන් කිරීම මඟින් ඇතිවන පුරප්පාඩු පිරවීමට රැකියා විරහිත උපාධිධාරීන්ටත් අවස්ථාවක් දෙන්නේ නම් තරුණ තරුණියන්ගේ හෙට දවස පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට හැකියාව ලැබේ.


Top Stories
wedivistara

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම්

wedivistara

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

wedivistara

හයේශිකා ඇතුළු පිරිසට ඇප

wedivistara

අපේක්ෂිත ඇපයක් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේගෙන් පෙත්සමක්

wedivistara

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදල්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ

wedivistara

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි


NEWS ALERT