Local

රබර් නිෂ්පාදනය ඉහළ නැංවීමට රබර් වගා මහ සැලැස්මක්

Thursday, 01 August 2024 - 6:45 pm

ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශවල අක්කර 100,000ක රබර් වගා කිරීමේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි.

තාක්ෂණික පිරිවිතර රබර් කර්මාන්තයේ නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තකරුවන් සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළ බව සඳහන්.

මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ අමාත්‍යවරයා මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක තුනක අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මහ සැලසුමක් සකසා ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙසත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි රබර් ප්‍රභේද නිෂ්පාදනයට නව ක්ලෝන හඳුනාගැනීම සඳහා සිදු කරන පර්යේෂණ කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා රබර් පර්යේෂණායතනයට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

දැනට TSR රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලාවලට ප්‍රමාණවත් තරම් ඔට්ටපාලු නොමැති නිසා ඒ වෙනුවට මුදවන ලද රබර් කිරි තාවකාලිකව ආනයනය සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT