Sports

අභියාචනයකින් ලැබුණු ඔලිම්පික් පදක්කම

Wednesday, 07 August 2024 - 10:15 am

පැරිස් ඔලිම්පික් උලෙළේ 05 රාත්‍රීයේ පැවති කාන්තා මීටර 5000 ඉසව්ව ඉතා ආන්දෝලනාත්මක තරඟ ඉසව්වක් බවට පත්වුණි.

එම ඉසව්ව මිනිත්තු 14යි තත්පර 28.56කින් නිමකළ කෙන්යාවේ බියට්‍රිස් චෙබට් රන් පදක්කම හිමිකර ගෙන තිබුණි.

රිදී පදක්කම කෙන්යාවේ ෆේත් කිප්යෙගෝන් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ නෙදර්ලන්තයේ සිෆාන් හසන් විසිනි.

කෙසේ වෙතත් රිදී පදක්කම දිනූ ෆේත් කිප්යෙගෝන්,  කාන්තා මීටර 5000 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ගුදාෆ් සෙගායිගේ ධාවනයට බාධා කළ බව පවසමින් ගුදාෆ් සෙගායි විසින් විරෝධතාවක් ගොනුකර තිබූයේ තරගය අවසන් වීමෙන් අනතුරුවය.

එම විරෝධතාව සලකා බැලූ තරග සංවිධායකින් ෆේත් කිප්යෙගෝන්ට රිදී පදක්කම අහිමි කිරීමට තීරණය කර තිබුණේ මංතීරු නීතිය උල්ලංඝනය කිරීම සහ ධාවනයට බාධා එල්ල කිරීම යන සාධක පදකම් කරගනිමිනි.

නමුත් කෙන්යා මලල ක්‍රීඩා සංගමය නැවතත් එම තීරණය අභියෝගයට ලක්කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ විශේෂ ජූරි සභාව, ෆේත් කිප්යෙගෝන් අතින් වරදක් සිදුවී නොමැති බව තීන්දු කරමින් ඇයට නැවතත් රිදී පදක්කම ලබාදෙන ලෙස පැරිස් ඔලිම්පික් තරග සංවිධායකයින්ට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 
 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT