Sports

එංගලන්තය ලකුණු 256ක් ඉදිරියෙන්

Saturday, 31 August 2024 - 8:19 am

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට ඊයේ (30) තරගය නතර කරන සිට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256ක දැවැන්ත ඉදිරියකින් සිටියි.

එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් බෙන් ඩකට් නොදැවී ලකුණු 15ක් හා නායක ඔලී පොප් ලකුණු 02ක් රැස්කරගෙන සිටියේය.

බිඳවැටුණු එකම කඩුල්ල වූ ඩෑන් ලෝරන්ස් ලකුණු 07ක් රැස්කරගෙන සිටියදී දවාගැනීමට ලහිරු කුමාර සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස්කළේ සියලු දෙනා දැවී ලකුණු 196ක් පමණි.

ඒ හේතුවෙන් ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹීමට එංගලන්ත කණ්ඩායමට අවස්ථාව උදාවිය.

අද (31) තරගයේ තෙවැනි දිනයයි. 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT