Sports

කාන්තා ලෝක කුසලානය ඩුබායි ගෙන යයි -ලොකු පුටුව ජේ ෂාට දෙන්න අයිසීසී සභාපති ගෙදර යයි

Thursday, 22 August 2024 - 10:00 am

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍රකොට පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

විස්සයි20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන අයිසීසීය මේ තීරණයට එළැඹියේය. මේ තරගාවලිය පැවැත්වීම උදෙසා අවශ්‍ය නම් ඩුබායිවලට අමතරව අබුඩාබි හා සාජා නගර උපයෝගී කර ගැනීමට ද අයිසීසී විධායක කමිටුව තීරණය කොට තිබේ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතා නොවැම්බර් මාසයේදී සිය ධුරයෙන් ඉවත් වන බව පෙරේදා පැවති විධායක කමිටු රැස්වීමේදී තහවුරු කිරීමද විශේෂත්වයකි. 2022 දී නිතරඟයෙන් තේරී පත්වූ බාර්ක්ලේ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතාට එම තනතුර හිමිවනු ඇතැයි පැවසේ.

කෙසේ වුවද මේ මස 27 දිනට පෙර මීළඟ අයිසීසී සභාපතිවරයා සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බවත් අපේක්ෂකයන් දෙදෙනකුට වඩා වැඩි නම්, ඡන්දයක් පවත්වනු ලබන බවත් නිවේදනය කොට ඇත. අයිසීසී නව සභාපතිවරයාගේ ධුර කාලය මේ වසරේ දෙසැම්බර් 1 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරග කිරීම උදෙසා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරෙන් හා ඉන්දීය ක්‍රිකට් ලේකම් තනතුරෙන් ජේ ෂා මහතා ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා විය. පසුගියදා ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල වාර්ෂික මහා සභා රැස්වීමේදී ජේ ෂා මහතා මේ බව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු ක්‍රිකට් ප්‍රධානීන් වෙත ප්‍රකාශ කර තිබිණි.

ක්‍රිකට් ලෝකයේ ප්‍රබලතම පුද්ගලයකු වන ජේ ෂා මහතාට ඉන්දීය ක්‍රිකට් ලේකම් තනතුරේ රැස්වීම්වලට සහභාගී වීමට සහ ක්‍රීඩාවේ දියුණුවට සම්බන්ධ විවිධ මෙහෙයුම් උදෙසා ඉන්දීය රුපියල් 3,50,000ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 13ක පමණ) මාසික දීමනාවක් ලැබෙන අතර, එයට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රතිලාභ ද අමතක කොට ජාත්‍යන්තර ක්‍රිකට් සභාපති තනතුරට පත්වී ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම අරමුණවී තිබේ.

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙන ගියද බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට එම ඉසව්වේ සත්කාරකත්වය හිමිකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇත.

අයිසීසී ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගත් උත්සහයන් පිළිබඳ සිය ස්තූතිය ප්‍රකාශ කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන අවශ්‍ය නම් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දැක්වීමේ ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් ද ස්තූතිය ප්‍රකාශ කළේය.

අයිසීසී මූලස්ථානය පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෑත වසරවලදී ක්‍රිකට් සඳහා සැලකිය යුතු කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, බොහෝ සුදුසුකම් ලැබීමේ තරගාවලි මෙන්ම ආසියානු කුසලාන හා ලෝක කුසලාන තරගාවලි පවත්වා ඇත.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT